
ගිනි නිවීමත් ගින්නක් – හදිසි ගිනි ගැනීම් 374ක්
FM Heart · 4 min read
පිට පළාත්වල අර්බුද රැසක් කඩුවෙල ගින්න නිවීමට බියගම කලාපෙන් ගියා නම් ප්‍රතිඵල සාර්ථක වෙන්න තිබුණා – කඩුවෙල වැසියෙක් ගින්නක් ඇතිවී විනාඩි 7-8ක් ඇතුළත අදාළ ස්ථානයට යා යුතුයි අපරික්ෂාකාරී බව සහ නොසැලකිලිමත් බව බොහෝ ගිනිගැනීම්වලට හේතුවයි කොළඹ මහ නගර සභා සීමාවේ සහ තදාසන්න ප්‍රදේශවල මෙම වසරේ (2026) ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ හදිසි ගිනි ගැනීම් 374ක් වාර්තා වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි කමල් විල්සන් මහතා “දිවයින”ට ඊයේ (24 දා) පැවැසීය. එසේම, කොළඹ නගර සභා සීමාවේ හා තදාසන්න ප්‍රදේශවල සිදුවූ හදිසි ගිනි ගැනීම් හේතුවෙන් ජීවිත හානි 27ක් සිදුවී ඇතැයි ද හෙතෙම කීය. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි කමල් විල්සන් හොරණ වැඩිහිටි නිවාසයේ හා කඩුවෙල එකම පවුලේ සිව්දෙනා මෙසේ හදිසි ගිනි ගැනීම් හේතුවෙන් මියගිය අය අතර සිටින බව ද ඒ මහතා කියා සිටියේය. ගින්නක් ඇතිවී විනාඩි 7ක් හෝ 8ක් තුළ අදාළ ස්ථානයට යායුතු බවත්, එසේ නොවන්නේ නම් එම උත්සාහයෙන් ඵලක් නොවන බවත් ඒ මහතා කීය. දිස්ත්‍රික් මට්ටමින් ස්ථාන කිහිපයක හෝ හදිසි ගිනි ගැනීම්වලදී ක්ෂණිකව ක්‍රියාත්මකවීමට හදිසි ගිනි නිවීමේ ඒකක පැය 24ම සක්‍රියව සූදානම් කර තිබෙන පරිදි ස්ථාපිත කිරීම ද අද පවතින තත්ත්වය යටතේ වැදගත් වන බවත් එවැනි අවිස්ථාවල ආසන්න ගිනි නිවීමේ ඒකකයට කඩිනමින් ක්‍රියාත්මකවීමට හැකිවන බව ද තතුදත් අංශ පෙන්වා දෙයි. බලප්‍රදේශයෙන් පිට ගිනි නිවීමට යෑමට පවතින රෙගුලාසි ලිහිල් කළ යුතු බව ද ඔවූහු පෙන්වා දෙති. නිදසුනක් ලෙස කඩුවෙල නගරයේ ඉකුත්දා ඇති වූ ගින්න මැඬීමට කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකක කැඳවා ගැනීමට සිදුව තිබේ. එහිදී ගතවී ඇති යම් කාලය ද හේතුවෙන් ගින්න මැඬලීම අසීරු වන්නට ඇති බව සඳහන් වෙයි. ‘කඩුවෙල’ සිද්ධියට බියගම වෙළෙඳ කලාප ගිනි නිවීමේ ඒකක කැඳවීමට හැකිනම් ඊට වඩා කෙටි කාල පරාසයකින් එයට සක්‍රිය වීමට ඉඩ තිබුණු බව ද ඔවූහු පෙන්වා දෙති. මේ අතර කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකක සතු නවීන තාක්ෂණික මෙවලම් හා රථ පහසුකම් පිට පළාත්වල නොමැතිවීම ද පවතින තත්ත්වය තුළ තීරණාත්මක වී තිබේ. එහෙත් පිට පළාත්වල පාලන ආයතන සතුව පවතින මූල්‍ය තත්ත්වය තාක්ෂණික දැනුම සහිත ශ්‍රම සම්පත් හිඟය ද එවැනි ඒකක ස්ථාපිත කිරීමේදී බලපා තිබෙන හෙයින් මධ්‍යම රජය එහිලා මැදිහත්වීමට අත්‍යවශ්‍ය බව ද බොහෝදෙනා පෙන්වා දෙති. ගිනි ගැනීම් සියයට 90ක්ම විදුලි කාන්දු හේතුවෙන් සිදුව ඇතැයි හෙළි වී තිබෙන බව ද කොළඹ ගිනි නිවීම් සේවා ඒකකයේ ප්‍රධානියා පැවසීය. ව්‍යාපාරික ආයතනයක හෝ කර්මාන්ත ආයතනයක හදිසි ගිනි නිවීමේ උපකරණ හා හදිසි පිටවීමේ දොරටු තිබීම ඉතා අත්‍යවශ්‍ය බව ද ඒ මහතා සඳහන් කළේය. දිස්ත්‍රික්ක තුළ ගිනි නිවීමේ රථ 2ක් හෝ 3ක් ස්ථාපිත කර තැබීමට ආර්ථික හෝ තාක්ෂණික ශක්තියක් නොමැති බව ද වාර්තා වේ. හදිසි ගිනි ගැනීමක් සිදුවූ විට එය මැඬපවත්වා ගැනීමට උත්සාහ දැරීමට පවා බොහෝදෙනාට අවබෝධයක් නොමැති බවත්, මේ නිසා ඉදිරියේදී නිවාසවල, පාසල්වල, ආයතනවල පුද්ගලයන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කීය. මෙම හදිසි ගිනි ගැනීම්වලින් ආරක්ෂාවීම පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන්ට පවා අවබෝධයක් ලබාදීම ඉතා වැදගත් බව ද ඒ මහතා කියා සිටියේය. ගිනි ගැනීම් මෙතරම් ඉහළ යෑමට බොහෝදෙනාගේ නොසැලකිලිමත්කම හා ඒ පිළිබඳ නොදැනුවත්කම බලපා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. පළාත් පාලන මට්ටමින් දිස්ත්‍රික්ක කීපයක හෝ ගිනි නිවීමේ දෙපාර්තමේන්තු ස්ථාපිත කළහොත් හදිසි ගිනි ගැනීම් මැඬපැවැත්විය හැකි බව ද ඒ මහතා කීය. නිවෙස්වල ‘ගෑස්’ ටැංකි අපරික්ෂාකාරී ලෙස තබා ගැනීම ‘විදුලි කාන්දුවීම්’ ඇති විට කෙසේ හෝ අලුත්වැඩියා කරගැනීමට ජනතාව ප්‍රමුඛතාව දීම තම ආරක්ෂාවට හේතුවන බව ද කමල් විල්සන් මහතා අවධාරණය කළේය. දිගින් දිගටම විදුලි පරිපථ එකිනෙක සම්බන්ධකරලීම තුළ ද විදුලි කාන්දුවීම් සිදුවූ අවස්ථා පසුකාලය තුළ අපට වාර්තා විය. මදුරු දඟර අපරික්ෂාකාරී ලෙස නිවෙස් තුළ දැල්වීම ද ගිනි ගැනීම්වලට බලපා තිබෙන අතර, ඉන්ධන රැස්කිරීම ද තවත් සිද්ධීන්වලට හේතු වී ඇතැයි වාර්තා වී තිබේ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

