FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලංකාගම අභයපුර විදුහල්පතිගෙන් රටට ආදර්‍ශයක්

FM Heart · 1 min read

The Heart Academy
පාසලට දරුවන් රැගෙන එන මව්වරුන් පාසල අවසන් වන තෙක් නිකරුණේ කාලය ගත කිරීම වෙනුවට ඔවුන්ට මුදල් උපයා ගැනීම සඳහා ක්‍රමවේදයක් පොළොන්නරුව, ලංකාගම අභයපුර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ආරම්භ කර තිබේ. ඒ අනුව පාසලේ අත්හැර දමා තිබූ ගොඩනැගිල්ලක් පිළිසකර කර ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ඉන් ලැබෙන ලාභය මව්වරුන් අතරේ බෙදී යන අතර පාසල මගින් දෙමව්පියන්ගෙන් මුදල් ගැනීම වෙනුවට පාසලෙන් දෙමව්පියන්ට ශක්තියක් වීම මෙහි අරමුණ බව විදුහල්පති චන්දන කුමාර මහතා බීබීසී සිංහල සේවයට පවසා තිබේ. මෙහි සේවය කරන මව්වරුන්ද පවසන්නේ නිකරුණේ කාලය ගත කිරීම වෙනුවට මෙවන් කාර්‍යයක නිරතවීම ඔවුන්ට මහත් සතුටක් බවයි. ඉදිරියේදී මෙම ඇඳුම් මැසීමේ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කර ප්‍රදේශයේ තරුණ තරුණියන්ටත් අවස්ථාව පුළුල් කිරීම තම අපේක්ෂාව බව විදුහල්පති චන්දන කුමාර මහතා පවසයි. එම ස්ථානයේ විදුලි බිල ගෙවීමෙන් පසුව ලැබෙන ආදායම එහි සේවය කරන මව්වරුන් දහදෙනා අතර බෙදාදෙයි. චතුර පමුණුව
99mobile