
‘අර්නබ්’ කුණාටුව ඉතා ප්රබල වේ.. රතු නිවේදනයක්.. මුහුදු රළ මීටර් 9ක්.. සුළඟේ වේගය 150 kmph
FM Heart · 1 min read
මෙම ඉතා ප්රබල සුළි කුණාටුව හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය මෙන්ම දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශ අතිශය රළු විය හැකි බැවින්, ධීවර සහ නාවික ප්රජාවට මුහුදු ගමන්වලින් වළකින ලෙසත්, දැනටමත් මුහුදු ගොස් සිටින බහුදින ධීවර යාත්රාවලට වහාම ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙන ලෙසත් උපදෙස් දී ඇත. මෙම පද්ධතිය බටහිර-වයඹ දෙසට සහ අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, අද (28) පස්වරු 2.00ත් 4.00ත් අතර කාලසීමාව තුළ ‘ඉතා ප්රබල සුළි කුණාටුවක්’ ලෙස ඉන්දියාවේ ආන්ධ්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එම අවස්ථාවේදී සුළගේ උපරිම වේගය පැයට කිලෝමීටර් 125 සිට 135 දක්වා පැවතිය හැකි අතර, විටින් විට පැයට කිලෝමීටර් 150 දක්වා වේගවත් සුළි සුළං ඇතිවීමේ අවදානමක් පවතී. විශේෂයෙන්ම උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු කලාපය තුළ සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 සිට 150 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ උස මීටර් 6.0 සිට 9.0 (අඩි 20 සිට 30 දක්වා) පමණ ඉහළ යමින් එම මුහුදු කලාප අතිශය රළු විය හැකි බව කාලගුණ බලධාරීහු පෙන්වා දෙති. නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්රදේශවලට යාත්රා කිරීම මුළුමනින්ම තහනම් කර ඇත

