
නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි!
FM Heart · 4 min read
Google AdSense
After Featured Image
ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට වඩා, දරුවාගේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නවලට වඩා, අම්මා තාත්තාගේ ජීවන වියදමට වඩා, අසීමිත බදු බරට වඩා මේ පනත ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන්ගේ කාලය දික් කරන්න ඕනේ කියලා, ඔබ යන්න ජනමත විචාරණයකට. අපි අභියෝග කරනවා! ආණ්ඩුවට හැකියාවක් තියෙනවා නම් ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතාවට අවස්ථාව දෙන්න. ජනතාව තීන්දු කරනවා නම් කාලය දික් කරන්න ඕනේ කියලා, ඒක ජනතාව තීන්දු කරයි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.07.25 දින ජාඇල පැවති රැස්වීමක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා. අද දිනෙන් දින ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය බිඳවැටෙමින් පවතිනවා. ඇයි ඒ? එක පැත්තකින් ආණ්ඩුව බලයට එන්න අසීමිත බොරු කිව්වා. එක බොරුවක් වහගන්න අද තව බොරු සියයක් කියන්න වෙලා තියෙනවා ආණ්ඩුවට. තවත් පැත්තකින් තමන් තියපු බලාපොරොත්තු, වෙච්ච පොරොන්දු ආණ්ඩුව ඉටු කරන්නේ නෑ. මේ රටේ තරුණ පරම්පරාවට බලාපොරොත්තුවක් දුන්නා ආණ්ඩුව වෙනසක් කරන්න. අවුරුදු ගණනාවකට පස්සේ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් පිට පක්ෂයක් අසීමිත බලයක් එක්ක රාජ්‍ය පාලනයට ගෙනාවා. ඒ මිනිස්සුන්ගේ තුළ යම් විශ්වාසයක් තිබ්බා. ඔවුන් හිතුවා පෙර පක්ෂවලට ආණ්ඩුවලට සාපේක්ෂව යම් අලුත් දෙයක් කරයි කියලා. හැබැයි යථාර්ථය මගේ මිත්‍රවරුනි, තිබ්බටත් වඩා ගතානුගතික දේශපාලන ප්‍රතිසම්ප්‍රදායක් මේ රටේ අනුගමනය කරන්න පටන් ගත්තා. මේ රටේ යම් වෙනසක් වෙමින් තිබ්බා. 2015ට පෙර මේ රටේ ආර්ථික වශයෙන් මහා දැවැන්ත පෙරළියක් ඇති වුණා. 2015 පරාජයත් එක්ක තමයි මේ රටේ පසුබෑම ඇති වෙන්නේ. එදා කොළඹ වරාය නගරය අපි හැදුවේ මහා දැවැන්ත සැලැස්මක් ඇතුව. විශේෂයෙන් බස්නාහිර පළාතේ මේ රටේ තරුණ පරම්පරාවට නූතන ගනුදෙනුකරණයත් එක්ක සම්බන්ධ කරන්න, නූතන ලෝකයේ බිහිවෙන රැකියාවන්වලට මේ රටේ තරුණ පරම්පරාව යොමු කරන්න, ලෝකයේ ගනුදෙනුකරණයේ කේන්ද්‍රස්ථානයක් බවට ඩුබායි, සිංගප්පූරුව, හොංකොං, එංගලන්තය, නිව්යෝර්ක් එක්ක කරට කර හැප්පෙන්න පුළුවන් ප්‍රතිපත්තියක් එක්ක ලෝකයේ ගනුදෙනුකරණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න අපිට ඉලක්කයක් තිබ්බා. ඒක බොහෝ දේශපාලඥයන්ට ආණ්ඩුවලට තේරුණේ නෑ. ඒ හින්දා සමහර නායකයෝ කිව්වා මේක හදන්න සීගිරියත් කඩන්න වෙයි කියලා. අද පෝට් සිටියත් තියෙනවා සීගිරියත් තියෙනවා. හයිවේ එක හදනකොට කිව්වා බල්ලො බලල්ලුන්ට පාර මාරු වෙන්න විදියක් නෑ කියලා. එහෙම පටු මානසිකත්වයක් තියෙන නායකයන්ට රාජ්‍ය බලය අසීමිත විදියට ලැබුණත් මේ රටේ තරුණයන්ගේ, දෙමාපියන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න බෑ.ආණ්ඩුව සංවේදී නෑ. ඇහුම්කන් දෙන්නේ නෑ. මේ රටේ ගොවි ජනතාව ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්නය කිව්වම, ගොවියා කසිප්පුකාරයෙක් කියලා කියනවා. වී මිල ගැන ගොවියා කතා කරාම, ‘නෑ අපි දෙන්නේ නෑ’ කියලා කියනවා. පොහොර ටික වෙලාවට ගොවියාට ලැබෙන්නේ නෑ. ගොයම් කැපෙන කාලේ බලලා මිත්‍රවරුනි හාල් පිටරටින් ගේනවා. අවසානයේ නගරයේ ජීවත් වෙන ඔබටවත් සාධාරණ මිලට හාල් ලැබෙන්නේ නෑ. ජීවන වියදම අසීමිත විදියට වැඩි වෙනවා. අසීමිත බදු බරක් තියෙනවා. දිනෙන් දින ජීවන වියදම වැඩි වෙනවා වගේම රටේ ජනතාවට දරාගන්න බැරි තැනට අද ආර්ථිකය පත් වෙමින් පවතිනවා. එක පැත්තකින් විදුලි බිල, ජල බිල්,තවත් පැත්තකින් අසීමිත බදු බර. ආදායම අඩු වෙනවා. ආදායම අඩු වෙනවා පමණක් නෙවෙයි, වෙළඳ ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. අද කර්මාන්තශාලා වැහෙනකොට ඒ වෙනුවෙන් කතා කරන්න ඇමතිවරයෙක් නෑ, ආණ්ඩුවක් නෑ. ආයෝජකයෝ ආරක්ෂා කරන්න ඕනේ. ආයෝජකයෝ ආරක්ෂා කරගත්තේ නැත්නම් ඔහු කර්මාන්තශාලාව, සංචාරක ව්‍යාපාරය වෙන්න පුළුවන්, කර්මාන්තශාලාවක් වෙන්න පුළුවන්, මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන් වහලා යනවා යන්න. අවසානයේ රැකියා අහිමි වෙන්නේ අපේ රටේ. විදේශ විනිමය අහිමි වෙන්නේ අපේ රටට. මැදපෙරදිග වෙන්න පුළුවන්, කොරියාවේ වෙන්න පුළුවන්, ඉතාලියේ, රුමේනියාවේ වෙන්න පුළුවන්, යුරෝපයේ, ඇමෙරිකාවේ වෙන්න පුළුවන්, බොහොම අමාරුවෙන් හම්බ කරලා එවන සල්ලි ටික ජපානේ වෙන්න පුළුවන්, බොහොම අමාරුවෙන් හම්බ කරලා ලංකාවට තමන්ගේ දෙමාපියන්ට, තමන්ගේ පවුලේ අයට කීයක් හරි යැව්වම ඒකටත් බද්දක් ගහනවා. අසාධාරණ බදු ප්‍රතිපත්තියක්. මේ රටේ ජනතාව බදු ගෙවන්න සූදානම්. එකක් ඒ ගෙවන බදු සාධාරණයි නම්. තවත් පැත්තකින් ගෙවන බද්ද රටේ ආයෝජනය වෙනවා නම්. ගමේ පාර, පන්සල, පල්ලිය, කෝවිල, ඉස්කෝලේ, ඉස්පිරිතාලේ හැදෙනවා නම් ,ඉස්පිරිතාලෙට බෙහෙත් ටික ගෙනත් දෙනවා නම්, පාසලට ගුරුවරු ටික දෙනවා නම්,තවත් පැත්තකින් ගමේ විදුලිය පහසුකම් ටික හැදෙනවා නම්,නෑ, ආණ්ඩුව ඒ සල්ලි ඒවට ආයෝජනය කරන්නේ නෑ. හැබැයි ජනාධිපතිවරයා උජාරුවෙන් කියන
Google AdSense
In-Article Ad

