FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හෙට සිට ඉදිරි දින කිහිපය තුල දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඌව පළාතේ සහ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. .

Google AdSense

In-Article Ad