
හොර පාරෙන් රැගෙන ආ බීඩි කොළ සහ දුම්වැටි තොගයක් පොලිස් භාරයට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බීඩි කිලෝ ග්රෑම් 300ක් සහ දුම්වැටි 99,800 ක් සමග වෑන් රථයක් තම භාරයට ගැනීමට කල්පිටිය පොලීසියේ නිලධාරීන් සමත් වී තිබෙනවා. ඒ, කල්පිටිය,කන්දකුලිය – කුඩාව ප්රදේශයේ සිදුකළ වැටලීමකදීයි. මුහුදු මාර්ගයෙන් මෙරටට බීඩි කොළ සහ දුම්වැටි තොගයක් ගෙනැවිත් වෙනත් ස්ථානයකට ප්රවාහනය කිරීමට සුදානම් කර ඇති බවට පුත්තලම විශේෂ කාර්යංශයට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුවයි කල්පිටිය පොලීසියේ නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත්තේ. වැටලීම සිදු කරන විට බීඩි කොළ සහ දුම්වැටි තොගය වෑන් රථයකින් ප්රවාහනය කිරීමට සුදානම් කර තිබූ බවයි පොලීසිය පැවසුවේ. එහිදී වෑන් රථයේ සිටි එක් සැකකරුවෙකු පලාගොස් තිබෙනවා. බීඩි කොළ තොගය කිලෝ ග්රෑම් 30 බැගින් වන මළු 10 ක අසුරා තිබූ බවද පොලීසිය පැවසුවා. මෙම බීඩි කොළ සහ දුම්වැටි මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද්දේ කවුරුන් විසින්ද සහ පලාගිය සැකකරු කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

