
විනිසුරු වයස දිගු කිරීමට විනිසුරුවන්ම විරුද්ද වේ... රජයට දුන් දීර්ඝ ලිපිය මෙන්න
FM Heart · 4 min read
Google AdSense
After Featured Image
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දැඩි ලෙස විරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය විසින් අධිකරණ අමාත්‍යතුමා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. “ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමා, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, අධිකරණ හා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, අංක 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10. විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය එකඟ නොවන බවට ප්‍රකාශ කිරීම. 1. උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුලු සියලුම විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය එකඟ නොවන බවට 2026.07.11 වන දින පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී රහස් ඡන්දයකින් ඒකමතිකව තීරණය කළ බව ඔබ අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමියටද පිටපතක් සහිතව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා වෙත අප සංගමය ලිඛිතව දැනුම් දෙන ලදී. 2. එම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා එය අමාත්‍ය මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බැවින් එවැනි සංශෝධනයක් හඳුන්වා දීම නොකළ යුත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් ඔබතුමා වෙත කරුණු සැල කිරීමට 2026.07.18 දින පැවති එකී සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමේදී වැඩිදුරටත් තීරණය කරන ලදී. 3. ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ශ්‍රී ලංකාවේ දිසා විනිශ්චයකාරවරුන්ගෙන් හා මහෙස්ත්‍රාත්වරුන්ගෙන් සමන්විත වන අතර එය දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම විනිශ්චයකාරවරුන්ට බලපෑම් ඇතිකරන තත්ත්වයන් සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය වන්නා වූ අවස්ථාවන්හිදී තම ස්ථාවරය මෙලෙස ඉදිරිපත් කර ඇත. මෑත ඉතිහාසයේදී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ස්වාධීනව සහ අපක්ෂපාතීව පවත්වාගෙන යාම සඳහා අප සංගමය මැදිහත්වීම් කරන ලද වැගදත් සංධිස්ථාන සම්බන්ධයෙන් ඔබතුමාටද අවබෝධයක් ඇතැයි විශ්වාස කරමු. එවැනි බොහෝ අවස්ථාවලදී විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් එකී ස්ථාවරය දැඩි ලෙස සැලකිල්ලට ගන්නා ලද අතර මෙම ක්‍රමවේදය පාලන තන්ත්‍රයේ ප්‍රධාන කුළුණු අතර තම ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කිරීමෙහිලා සංවරණය හා තුලනය පවත්වා ගැනීමට බෙහෙවින්ම හේතු විය. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටිය හැකි අවස්ථා පූර්වාපේක්ෂණය කර ඒවා වළක්වා ගැනීමට එකී මැදිහත්වීම් තීරක කාර්යභාරයක් ඉටු කරන ලදී. 4. විනිශ්චයකාරවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අප සංගමය මූලික වශයෙන් එකඟ නොවීමට තීරණය කරනු ලැබූයේ අධිකරණයේ ස්වාධීනත්වයට සහ විනිශ්චයකාරවරුන්ගේ වෘත්තීයභාවයට බලපානු ලබන පහත සංක්ෂිප්ත කර ඇති කාරණා හේතුවෙනි. I. යෝජිත සංශෝධනයත් සමග ඉදිරි වසර දෙකක කාලය තුල අධිකරණ නිලධාරියෙකු ඉහල අධිකරණකට හෝ ශ්‍රේණියකට උසස්වීම සම්පූර්ණයෙන්ම ඇණ හිටීම. මෙම සංශෝධනය ක්‍රියාත්මක වන දිනයේ සිට වසර දෙකක කාලයක් සඳහා දැනට සේවය කරන විනිසුරුවරයෙකුගේ මරණය, ඉල්ලා අස්වීම හෝ විනය හේතුවක් නිසා ඉවත් කිරීම යන කරුණක් මත පුරප්පාඩුවක් ඇති වුවහොත් මිස ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ එකදු අංකයක් හෝ ඉහළ යාමක් සිදු නොවේ. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහෙස්ත්‍රාත් අධිකරණය දක්වා පවතින සමස්ත උසස්වීම් දාමය සම්පූර්ණයෙන්ම වසර දෙකකට ඇණ හිටීමයි. දැනටමත් උසස්වීම් අධික ලෙස ප්‍රමාද වීම හේතුවෙන් අසහනකාරී තත්ත්වයක් පවතිද්දී මෙම සංශෝධනය සිදුවුවහොත් එම කාලසීමාව අධිකරණ සේවයේ වෘත්තීය අපේක්ෂාවන් අහිමි වූ කාලපරිච්ඡේදයක් බවට පත්වනු ඇත. II. මහාධිකරණයට උසස් වීම සඳහා ගතවන කාලය තවත් වසර දෙකකින් දීර්ඝ වීම. පසුගිය දශකය තුල අධිකරණ නිලධාරියෙකු මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස උසස් වීමක් ලබාගැනීම සඳහා ගත වන කාලය වසර 05 කින් පමණ ක්‍රමිකව වැඩි වී ඇත. උදාහරණයක් ලෙස 2010 වසරේ අධිකරණ සේවයට එක් වූ විනිසුරුවරයෙකු තවමත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මහාධිකරණයට උසස්වීම් ලබා නොමැති අතර, ඒ අනුව දැනට ඒ සඳහා ගත වන කාලය අවම වශයෙන් වසර 17 ක් පමණ වී ඇත. එහෙත් මෙම සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් එදින සිට එම කාලය එකවරම තවත් වසර 02 කින් දීර්ඝ වේ. III. මහාධිකරණයට පත් වීමේ ක්‍රමවේදයේ අසමතුලිතතාවය වර්ධනය වීම හා අධිකරණයේ වෘත්තිය විනිසුරු සංයුතිය දැඩි ලෙස පහත වැටීම. මෙම යෝජිත සංශෝධනය මගින් ඉහත කී පරිදි අධිකරණ නිලධාරියෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් වීමට ගතවන කාලය එකවරම තවත් වසර දෙකකින් දීර්ඝවේ. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු වල විශ්‍රාම වයසෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. එබැවින් නීතීඥවරයෙක් ලෙස දිවුරුම් දුන් වහාම රජයේ අධි නීතීඥවරයෙකු ලෙස බැඳෙන අයෙකු උපරිම වසර 15 කින් පමණ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥයෙකු ලෙස තම උසස්වීම් ලබාගෙන මහාධිකරණ
Google AdSense
In-Article Ad

