
කොළඹ – පුත්තලම පෞද්ගලික බස් රථ වර්ජනයක
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
කොළඹ – පුත්තලම පෞද්ගලික බස් රථ සේවකයන් ධාවනයෙන් ඉවත්ව අද පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළා. සේවකයින්ට සිදුවූ පහරදීමකට විරෝධය පළ කරමින් සහ එම පහරදීම සම්බන්ධයෙන් පොලීසිය හෝ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කිසිදු පියවරක් නොගන්නා බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙලෙස වැඩවර්ජනයේ යෙදී සිටින්නේ. ඇතැම් බස් රථ නීතිවිරෝධීව ධාවනයේ යෙදෙන බවද ඒ සම්බන්ධයෙන්ද පොලීසිය හෝ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කිසිදු පියවරක් නොගන්නා බවද වැඩවර්ජකයන් පවසනවා. තමන්ට සාධාරණයක් ඉටුවනු තුරු නැවත බස් ධාවනය නොකරන බවද අඛණ්ඩව වැඩවර්ජනයේ යෙදී සිටින බවද බස් සේවකයින් මෙහිදී කියාසිටියා. .
Google AdSense
In-Article Ad

