FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හමුදා ලොක්කෙක් කන්ද උඩ සුපිරි මාළිගාවක් හදලා... රෝහල් දෙකක් හදන්න ලැබුණු සල්ලිත් මංකොල්ල කාලා!

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති අතර, එහිදී ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන ඩබ්ලිව්.සී. නිමල් පෙරේරා මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තා වනවා. 📌 විමර්ශනවල ප්‍රධාන අවධානය: අල්ලස් මුදල් ප්‍රේරණය වූ ගිණුම්: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ USD මිලියන 2ක අල්ලස් මුදල ප්‍රේරණය වූයේ යැයි කියන බැංකු ගිණුමක හිමිකරුවෙකු වන ඩබ්ලිව්.සී. නිමල් පෙරේරා මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීම. ක්‍රිෂ් (Krrish) නඩුව: නාමල් රාජපක්ෂ මහතාට සම්බන්ධ ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන්ද නිමල් පෙරේරා මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත. රෝහල් දෙකේ මුදල් අවභාවිතය: ඔහු ලංකාවේ සිටි කාලයේදී Nuwara Eliya සහ තවත් ප්‍රදේශයක රෝහල් දෙකක් ඉදිකිරීම සඳහා ගිණුම්වලට ලැබුණු බව කියන මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න සොයාබැලීම. 4. රාජ්‍ය නිලධාරීන්ගේ සහ හිටපු ජනාධිපති පුතුගේ දේපළ: හිටපු ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් ඕස්ට්‍රේලියාවේ මිලදී ගෙන ඇති ඉඩකඩම්, දේපළ සහ බැංකු ගිණුම් පිළිබඳ ලිපිගොනු රැසක් මෙන්ම හිටපු ප්‍රබල ජනාධිපතිවරයෙකුගේ පුතෙකු මිලදී ගත් ඉඩමක් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම. 🏰 රට මැද ඉදිවුණු සුපිරි මාලිගාව: මීට අමතරව, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙකු විසින් රට මැද කන්දක් මුදුනක ඉදිකොට ඇතැයි කියන සුපිරි පන්නයේ දැවැන්ත මාලිගාවක් සහ ඊට මුදල් උපයාගත් ආකාරය පිළිබඳවද රජය පැත්තෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. උපුටා ගැනීමකි

Google AdSense

In-Article Ad