FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජර්මනියේ නියුරම්බර්ග් ජාත්‍යන්තර අපරාධ අධිකරණ නඩු විභාග තරගාවලියේ දී ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානය

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ලෝකයේ උසස්ම සහ ප්‍රමුඛතම ජාත්‍යන්තර අපරාධ නඩු විභාග තරගාවලිය වන ජර්මනියේ නියුරම්බර්ග් 14 වැනි යුද අපරාධ උපකල්පනීය නඩු විභාග තරගාවලිය – සදහා ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගී වූ , කොළඹ විශ්ව විද්‍යාලයේ , නීති පීඨයේ දෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම, එහි ශූරතාවය දිනා ගෙන තිබෙනවා. මෙම උපකල්පනීය නඩු විභාගය සදහා ලෝකයේ රටවල් 137 ක් නියෝජනය කරමින් , නීති ශිෂ්‍ය කණ්ඩායම් පැමිණ සිටි අතර එය දෙවන ලෝක සංග්‍රාම නාසි යුද අපරාධකරුවන්ට එරෙහිව නඩු විභාගය පැවැත්වූ උසාවි අංක 600 ශාලාවේ දී , ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම තරගාවලිය පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය කණ්ඩායම අවසාන මහා තරගයේ දී ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයීය නීති ශිෂ්‍ය කණ්ඩායම පරදා , ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයයේ නීති පීඨයේ දෙවන වසර ඉගෙනුම ලබන උපාධි අපේක්ෂකයින් වන ගෙවිදු පිටිදූව ගමගේ , සමාන් නසාර් සහ සහන්මා මෙත්සරණි මෙම ශ්‍රි ලංකා කණ්ඩායමේ තරගකරුවන් වූ අතර උපදේශකවරයෙකු ලෙස කටයුතු කළේ බුත්මිණි මොහොට්ටියි. මෙම තරගාවලියේ දක්ෂතම කතිකයා ලෙස මෙහිදී සමාන් නසාර් උපාධි අපේක්ෂකවරයා තේරී පත්ව තිබෙනවා. මෙම ජයග්‍රහණය හිමි කර ගත් නීති ශිෂ්‍ය පිරිස අද අලුයම දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් නියෝජිත ටි කේ ජි කපිල පැවසුවේ. ඔවුන් පිළිගැනීම සදහා එම සිසුන්ගේ දෙමාපියන් සහ සහෝදරයින් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. .

Google AdSense

In-Article Ad