FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාස්කු ප‍්‍රහාරය : හිටපු පොලිස්පතිට මරණ දඬුවම නියම කෙරේ...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා කිහිපයකට වරදකරු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (31) මරණ දඬුවම නියම කර ඇත. ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු මත පදනම්ව එය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම තුළින් සිදු වූ සාපරාධී රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩු පවරා තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ වෙතත් විනිසුරු විරාජ් විරසූරිය මහතා පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවත්ය. Former Police Chief Sentenced to Death for Failing to Prevent Easter Sunday Attacks In a landmark ruling, the Colombo High Court has sentenced former Inspector General of Police, Pujith Jayasundara, to death for his role in failing to prevent the deadly Easter Sunday terrorist attacks in 2019. The court delivered its verdict today, December 31, amidst serious allegations that he neglected crucial intelligence reports prior to the attacks. The charges stemmed from Jayasundara's alleged failure to take appropriate measures based on advance intelligence that indicated a possible attack, which subsequently led to the horrific bombings that claimed hundreds of lives. The legal proceedings highlighted his responsibility in the unlawful assumption of police duties. After a lengthy trial, a panel of judges at the Colombo High Court found him guilty and issued the death sentence, emphasizing the severity of his negligence and the critical need for accountability in law enforcement. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad