FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාස්කු ප‍්‍රහාරය : හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කෙරේ...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා කිහිපයකට වරදකරු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (31) මරණ දඬුවම නියම කර ඇත. ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු මත පදනම්ව එය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම තුළින් සිදු වූ සාපරාධී රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩු පවරා තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ වෙතත් විනිසුරු විරාජ් විරසූරිය මහතා පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවත්ය.

Google AdSense

In-Article Ad