
ඩෙංගු එන්නත පෞද්ගලික ෆාමසිවලට.. එන්තක් හැටදාහයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මෙම එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ අනුමැතිය තවමත් ලැබී නොමැති පසුබිමක, එය මුලින්ම පෞද්ගලික අංශයට පමණක් ලබා දීමට අවසර දීම ගැටලුසහගත බවයි. මෙම එන්නත සහ වුල්බැකියා බැක්ටීරියා ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලෙස වසර කිහිපයක සිට තමන් යෝජනා කළ ද බලධාරීන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවත්, ප්‍රමාද වී හෝ ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම වැදගත් බවත් ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර වෙළෙඳපොළේ මෙම එන්නත් කුප්පියක මිල ඇමෙරිකානු ඩොලර් 80ක් පමණ වන අතර, මාස තුනක පරතරයකින් මාත්‍රා දෙකම ලබා ගැනීමට රෝගියෙකුට රුපියල් 60,000කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවේ. සාමාන්‍ය ජනතාවට මෙවැනි විශාල මුදලක් දැරීමට නොහැකි බැවින්, රජයේ රෝහල් හරහා මෙය නොමිලේ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ප්‍රදේශවල වයස අවුරුදු 6-16 අතර දරුවන් සඳහා මෙම එන්නත නිර්දේශ කර ඇත. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සිදුකළ සායනික පරීක්ෂණ මගින් මෙහි සාර්ථකත්වය තහවුරු වී ඇති අතර, එන්නත ලබා දී දින 8ක් වැනි කෙටි කාලයකින් ආරක්ෂාව සැලසීම මෙහි විශේෂත්වයකි. එසේම ශ්‍රී ලංකාවේ වර්තමාන ඩෙංගු ආසාදනවලින් 80%කට පමණ හේතු වී ඇති DENV-2 ඇතුළු වෛරස් ප්‍රභේද හතරටම එරෙහිව මෙය ක්‍රියාත්මක වේ. දැනටමත් ඉන්දියාව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් 43ක මෙම එන්නත අනුමත කර ඇති අතර, රටවල් රැසක රාජ්‍ය එන්නත්කරණ වැඩසටහන් යටතේ මෙය නොමිලේ ලබා දෙන බව ද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. එබැවින් විශේෂඥ වෛද්‍ය කමිටුවල අධීක්ෂණය යටතේ මෙම එන්නත කඩිනමින් මෙරට ප්‍රධාන පෙළේ ළමා රෝහල් වෙත හෝ නොමිලේ ලබා දීමට රජය පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.
Google AdSense
In-Article Ad

