FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බන්ධනාගාර තදබදය අවම කරන්න සාකච්ඡාවක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මෙරට බන්ධනාගාරවල පවතින තදබදය සහ සිර ඝනත්වය අවම කිරීම සඳහා වන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. ​ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි. ​චෝදනාවලට ලක්වන පුද්ගලයන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට (House Arrest) අවශ්‍ය තාක්ෂණික කටයුතු සම්පාදනය කරමින් සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා. ​එමෙන්ම 1929 අංක 17 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඊට ඇබ්බැහි වූවන් අතර වෙනස පැහැදිලිව හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳව ද කාරක සභාවේදී අදහස් පළ වී තිබෙනවා. ​සුළු වැරදි සහ සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සිරදඬුවම් ලබාදීම වෙනුවට ප්‍රජා සේවය වැනි විකල්ප දඬුවම් ක්‍රම භාවිතය, ඇප ලබාදීම කාර්යක්ෂම කිරීම, නඩු විභාග ප්‍රමාදයන් අවම කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය පියවීම ඇතුළු පියවර රැසක් කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරුණා. ​මීට අමතරව බන්ධනාගාරගත කාන්තා රැඳවියන් සහ ඔවුන් සමග සිටින අවුරුදු 5 ට අඩු දරුවන්ගේ අභිවෘද්ධිය මෙන්ම, එම දරුවන් වසර 5 න් පසු පරිවාස ගතකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ. ​ ​ .

Google AdSense

In-Article Ad