FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ගංවතුරට පාලමක් කැඩී ගම්මානයක් තනිවේ.. හදාදෙන්නැයි උද්ඝෝෂණයට මාලිමා මන්ත‍්‍රීත් එක්වේ..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

එම ගම්මාන යේ පවුල් 350 ක ජනතාව ඉන් පිටතට පැමිණීමට නොහැකිව අසීරුතාවයට පත්ව තිබෙන බවත් , මේ හේතුවෙන් පාලමෙන් මෙගොඩට පැමිණ ජනතාව තම දෛනික කටයුතු සිදු කර ගෙන යෑමට මෙන්ම පාසල් සිසුන්ට තම පාසල් වෙත යෑමට නොහැකි වී තිබෙන බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ . මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වන සිසු දරුවන් ට තම විභාග මධ්‍යස්ථාන කරා යෑමට නිසි ක්‍රමවේදයක් නොමැති බවත් ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර ග්‍රාම නිලධාරී හරහා සහතික කර ගැනීම පවා අසීරු කටයුත්තක් වී ඇති බවත් , තමන් පත්ව ඇති අසීරුතාවය පිළිබඳ හානියට පත් වූ පාලමේ ගං එවුරට පැමිණ එම ප්‍රදේශවාසීන් විසින් (06) දින විරෝධතාවයක නියැලිණ . තම ගම්මානයේ බොහෝ පිරිසක් දෛනික කුලී පදනම මත සිදු කරන රැකියා සහ තේ වගාවෙන් ජීවත් තමන්ගේ තේ අස්වැන්න ලොරි රථ සඳහා ලබාදීමට නොහැකීම නිසා තමන් දැඩි අ සීරු තාවයකට පත්ව සිටින බව යි ප්‍රදේශවාසීන් කියා සිටියේ . එසේම මේ වන විට තාවකාලිකව ගම්වාසින් විසින් කිතුල් කඳන් දෙකක් යොදා පිළියමක් ලෙස සකස් කලත් කාන්තාවන්ට , වයෝවෘද්ධ අයට ඒ හරහා ගමන් කිරීම දැඩි අනාරක්ෂිත බවයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ . ජාතික ජන බලවේගයට බලය හිමි පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවට අයත් මෙම කැඩී ගිය පාලම නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගම නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එකතු වී සිටීම අගය කරන බවත් , නමුත් හැකි ඉක්මනින් මේ සඳහා විකල්පයක් ලබාදීම ජනාධිපතිතුමන්ගේ වගකීම බව විරෝධතාව සඳහා එක්වුණු ඉඟුරුඔය ශ්‍රී ජයබෝධී විහාරාධිපති දුනුවිල සාලාංකාර හිමියන් කියා සිටියහ . මෙම විරෝධතාවය සදහා ජාතික ජන බලවේගයේ ප්‍රාදේ ශීය සභා මන්ත්‍රී සුජීව භාෂිත , සමගි ජන බලවේගයේ මන්ත්‍රී මයුර ප්‍රියංකර යන අයද එකතු වී සිටියහ .

Google AdSense

In-Article Ad