FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ආණ්ඩුව මන්ත්‍රී පඩිය හැටදාහකින් වැඩි ගෙන…. මේ පාර මාලිමාවට ත්‍රීවිල් මල්ලිලාට මුකුත් නෑ…!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පාර්ලිමේන්තු මන්ත්‍රී මාසික වැටුප රු. 60 000කින් මේ මස සිට වැඩිකර ඇතැයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන් පවසයි. ඒ් අනුව තමන්ට මේ මාසය සඳහා 484 000ක වැටුපක් තමන්ට හිමිව ඇති බවද ඊට අදාළ වැටුප් පත්‍රිකාව සභාවට ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේය. මේ ආකාරයට මන්ත්‍රී වැටුප රු.60 000කින් වැඩි කළ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ පඩි සහ අහිංසක ත්‍රිරෝද රථ රියදුරාගේ ආදායම වැඩි කළේ දැයි අර්චුනා රාමනාදන් ප්‍රශ්න කරයි. තමන් තව මාසයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවත් තමන්ට දඬුවම් දීමේ බලයක් තිබිණි නම් ඉදිරිපෙළ ආසනවල සිටින වංචාකාරයන් මේ රටින් අතුගා දමන බවද හෙතෙම අවධාරණය කරයි. අද (06) පාර්ලිමේන්තුව අමතමින් අර්චුන රාමනාදන් මේ බව කීය.

Google AdSense

In-Article Ad