
මෙට්‍රෝ බස් සේවාවේ බාගයක් පුද්ගලික අංශයට දෙයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මෙරට මෙට්‍රෝ බස් සේවාවේ මෙහෙයුම් කටයුතුවලින් සියයට 50ක ප්‍රතිශතයක් ඉදිරියේදී පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි. විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රජය විසින් නියම කරනු ලබන දැඩි ප්‍රමිතීන්ට යටත්ව පෞද්ගලික බස් හිමියන්ට 'මෙට්‍රෝ' ආකෘතිය යටතේ ධාවන මාර්ග ලබාදීමට කටයුතු කරන බවයි. මෙම ක්‍රමවේදය යටතේ අදාළ බස් රථ නඩත්තු කිරීම වෙනුවෙන් රජය විසින් නියමිත ගෙවීමක් සිදු කිරීමට ද සැලසුම් කර ඇත. පොදු ප්‍රවාහන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීම (Card Payments), QR කේත ක්‍රමය සහ GPS තාක්ෂණය හඳුන්වා දීමට නියමිතය. මීට අමතරව, සමස්ත සේවාව නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යගත ඩිජිටල් පාලන මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කෙරේ. මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයනව බස් රථ 800කින් ශක්තිමත් කරමින් ගුණාත්මක තරගකාරීත්වයක් ඇති කිරීමට ද පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙට්‍රෝ සේවාවට එක්වන සෑම පෞද්ගලික බස් රථයක්ම රජයේ නියාමනයට යටත් විය යුතු බව අවධාරණය කළ ඒ මහතා, බස් රථයේ ප්‍රමිතිය, නඩත්තු කටයුතු මෙන්ම රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ නිල ඇඳුම සහ විනය පිළිබඳව ද රජය සෘජුවම මැදිහත් වන බව සඳහන් කළේය. පෞද්ගලික බස් හිමියන් ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම රජයේ අරමුණ නොවන බවත්, ඔවුන් පොදු ප්‍රවාහන පද්ධතියේ හවුල්කරුවන් ලෙස සම්බන්ධ කරගනිමින් මගී ජනතාවට ආරක්ෂිත, විශ්වාසනීය සහ උසස් ප්‍රවාහන සේවාවක් සැපයීම මෙහි මූලික ඉලක්කය බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

