
මන්ත්රී මාසික ඉන්ධන දීමනාව දෙලක්‍ෂ හතලිස් හතර දහස තෙක් ඉහලට..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ දමා ඇති බවට චෝදනා කරමින් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුන මහතා සිය ෆේස්බුක් පිටුව හරහා සිය මාසික වැටුප් වාර්තාව ප්‍රසිද්ධියට පත් කර තිබේ. මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ලේඛනයට අනුව, මීට පෙර රුපියල් 179,000ක්ව පැවති ඉන්ධන දීමනාව රුපියල් 244,000 දක්වා ඉහළ ගොස් ඇත. මෙම වැටුප් වාර්තාව සමඟ සටහනක් තබමින් අර්ජුන මහතා ප්‍රශ්න කර සිටින්නේ, මෙලෙස දීමනා ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාවගේ ස්ථාවරය කුමක්ද යන්නයි. මන්ත්‍රීවරුන් 159 දෙනෙකු සඳහා මෙවැනිම මුදලක් පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ගිණුම් වෙත බැර වන බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය. "දිගටම අත්පුඩි ගසන්න, ඇත්ත කියන මිනිසුන්ව හුස්ම හිර කර මරා දමන්න" යනුවෙන් ඔහු සිය ෆේස්බුක් සටහන මගින් උපහාසාත්මකව ප්‍රකාශ කර ඇත. ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ද අදහස් දැක්වූ රාමනාදන් අර්ජුන මහතා කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප රුපියල් 60,000කින් පමණ ඉහළ දමා ඇති බවයි. ඒ අනුව මන්ත්‍රීවරයෙකුගේ නව මාසික වැටුප රුපියල් 484,000ක් පමණ වන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

