
ඉවත් කළ වත්කම් නඩු යළි පැවරේ...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මහින්දට 01 - ගෝඨාභයට 01 බැසිල්ට 05 - නාමල්ට 01 යෝෂිතට 02- රෝහිතට 01..... මහාධිකරණය මඟින් නිදහස් කළ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩු නැවත විභාග කරන ලෙස අභියාචනාධිකරණයෙන් ලබාදුන් තීන්දුවත් සමඟ මහින්ද, රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ පෙර ආණ්ඩුවල සිටි මැති-ඇමැතිවරුන් රැසකගේ නඩු නැවත පැවරීමට හැකියාව ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති. අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැත යන මූලික විරෝධතාව පිළිගනිමින් සතොස නඩුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කෙරිණි. ඉන්පසු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ප්රතිශෝධන පෙත්සමක් ගොනුකරන ලද අතර, ඊට අදාළ තීන්දුවේ සඳහන් වූයේ අල්ලස් කොමිසමේ එක් කොමසාරිස්වරයකුගේ අත්සනින් නඩු පැවරිය හැකි බවයි. ඒ අනුව අදාළ කොන්දේසිය මත ඉවත් කරගත් මහින්ද රාජපක්ෂගේ වත්කම් නඩුවක්, ගෝඨාභය රාජපක්ෂගේ වත්කම් නඩුවක්, බැසිල් රාජපක්ෂගේ වත්කම් නඩු 5ක්, නාමල් රාජපක්ෂගේ සහ යෝෂිත රාජපක්ෂගේ නඩු 3ක්, රෝහිත අබේගුණවර්ධනගේ නඩුවක්, කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් ඇතුළු නඩු රැසක් නැවත පැවරීමට හැකියාව ලැබේ. මේ සියලු නඩු ඉවත් කරගෙන ඇත්තේ එක් කොමසාරිස්වරයකුගේ පමණක් අත්සනින් පවරා ඇත, යන කරුණ මත ය.
Google AdSense
In-Article Ad

