FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හිරගෙවල්වල කලබල කරවන්නේ නාමල්ලු.. මං එච්චර පොරක් වගේ පේනවද..

FM Heart · 11 min read

Google AdSense

After Featured Image

අපිටත් තිබ්බා අරගලය වෙලාවෙ හමුදාව, පොලීසිය පාවිච්චි කරලා දහස් ගණනක් ඝාතනය කරලා ආණ්ඩුව රකින්න උත්සාහ කරන්න. නැහැ, අපි එහෙම කරා නම් අද නාමල් රාජපක්ෂ මෙතන ඉන්න විදියකුත් නැති වෙන්න පුළුවන්. අපි යථාර්ථයට මුහුණ දුන්නා. හැබැයි යථාර්ථයට මුහුණ දීලා, ජනතාවගේ පැත්තේ හිටගෙන, සමාජ ව්‍යසනයකින් රටේ තරුණයන් මුදවා ගන්න අපි අඩියක් පස්සට ගත්තු එක නිවටකමක් කියලා හිතනවා නම් ආණ්ඩුව හා ආණ්ඩුවට සම්බන්ධ අය, ඔවුන්ට වැරදිලා කියන එකත් මතක් කරන්න ඕනේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, ​"මේක ෂුවර් එකටම නාමලයාගේ වැඩක්." එහෙමනේ කියන්නේ. මේක විපක්ෂයේ වැඩක් කියන්න ඕනේ, නාමල්ගේ වැඩක් කියන්න ඕනේ." ජනාධිපතිවරයා කියන්නේ, ආණ්ඩුව කියන්නේ. ආණ්ඩුවට මාව පොරක් වගේ එහෙම පේනවාද දන්නේ නැහැ මාව බැලුවාම නේද? ​එක පැත්තකින් ආණ්ඩුව මේ රටේ විපක්ෂයේ දේශපාලන බලවේගයන්, ආණ්ඩුවට විරුද්ධව මතයක් දරන සිවිල් සංවිධාන හෝ වේවා, ස්වේච්ඡා සංවිධාන හෝ වේවා, අපේ හාමුදුරුවරුනේ, ගරුතර මහා සංඝරත්නය හෝ වේවා, මර්ධනය කරමින් ආණ්ඩුවට විරුද්ධව ගොඩනැගෙන ජන හඬ මර්ධනය කරන්න උත්සාහ කරන අතර, තවත් පැත්තකින් තමන් මේ රටේ ජනතාවට දීපු අසීමිත පොරොන්දු දිනෙන් දින බිඳ දමමින් මේ රටේ ජනතාව තමන්ට දීපු ඡන්දය අවතක්සේරුවට ලක් කරමින් ඒකාධිපති පාලනයකට මේ රට අරගෙන යන්න උත්සාහ කරනවා. ​අද මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ අසීමිත පීඩනයක. එක පැත්තකින් අපේ හාමුදුරුවනේ, ආර්ථික පීඩනය. ආණ්ඩුව දිනෙන් දින මේ රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරමින්, තමන්ට හිතවත්, තමන් එක්ක ඉන්න, තමන් එක්ක යම් වාසියක් ලබාදෙන පිරිසක් තෝරාගෙන ඒ අයට අසීමිත බදු සහන දෙනවා වගේම, මේ රටේ සාමාන්‍ය ජනතාව, වැඩකරන ජනතාව, දෛනික ආදායම් උත්පාදනය කරන ජනතාව, මාස් පඩියට වැඩකරන ජනතාවට අසීමිත බදු බරක් පටවමින් තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යනවා.​ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලොකුවට කියනවා අද අපේ ගිණුමේ ට්‍රිලියන ගණන් මුදල් තියෙනවා කියලා. ජනාධිපතිතුමාගේ ගිණුමේ ට්‍රිලියන ගණන් ඇති. ජනාධිපතිතුමාගේ ගිණුමේ ට්‍රිලියන ගණන් ඇති. හැබැයි ආණ්ඩුවේ වගකීම මිලියන ගණන්, බිලියන ගණන්, ට්‍රිලියන ගණන් හොයන්න පුළුවන් පුරවැසියෝ බිහි කරන එක. ව්‍යවසායකයෝ හදන එක. තමන් ලබන ආදායමට සරිලන ජීවිතයක් විදියට වියදම් දරාගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් පුරවැසියො හදන එක. ​ඒ පුරවැසියා හදන කාරණය අතහරින ආණ්ඩුව තමන්ගේ ගිණුමේ ට්‍රිලියන ගණන් තියෙනවා කියලා පම්පෝරි ගහනවා. හැබැයි අවසානයේ මොකක්ද වෙන්නේ? තමන්ගේ ගිණුමේ තියෙන ට්‍රිලියන ගණනත් හැකර් කෙනෙක් පැනලා උස්සන් යනවා. මංකොල්ල කනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා, කමිටුවේ වාඩිවෙලා මොකක්ද ආණ්ඩුව කියන්නේ? ​"ඔව්, හැකර් කෙනෙක් පැන්නා තමයි, වැරදි ගිණුමට සල්ලියි දැම්මා තමයි, හැබැයි අය කරගන්න වෙන්නේ ජනතාව පිට ඒ පීඩනය පටවලා" කියලා. එතකොට ආණ්ඩුවේ වංචාව, ආණ්ඩුවේ නොහැකියාව, ආණ්ඩුවේ දූෂණය, ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ මහජනතාවට, ඔබට. ඒ පාඩුව ගන්න ඔබේ බදු බර දිනෙන් දින වැඩි කරනවා. ​තවත් පැත්තකින් ගල් ගල් අඟුරු වංචාව නිසා වෙච්ච පාඩුව නිසා ඒ ගල් අඟුරු වංචාවේ ප්‍රතිඵලයක් විදියට දිනෙන් දින විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව අද කටයුතු කරනවා. ඇහුවාම මැදපෙරදිග අර්බුදයක් කියනවා. ඔව්, මැදපෙරදිග අර්බුදයක් තියෙනවා. ඒකට මුහුණ දෙන්න තමයි ආණ්ඩුවක් ඉන්නේ. ආණ්ඩුව සැළසුම් කරන්න ඕනේ. අර්බුදයක් තියෙන බව දැක දැක බාල ගල් අඟුරු ගෙනැල්ලා හරියන්නේ නැහැ. අර්බුදයක් තියෙනවා කියලා දන්නවා නම්, දකිනවා නම්, ලෝකය ඒකට ලෑස්ති වෙනවා නම්, ලංකාවේ ආණ්ඩුව පළවෙනි නැව නෙවෙයි නැව් 15ක් එනකම් බාල ගල් අඟුරු ගෙනාවාම ඒකට ජනතාව පලි නැහැ. ​වරායේ කන්ටේනර් පන්නනවා. වරායේ කන්ටේනර් ටික පන්නලා ආණ්ඩුව මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මිනිස්සුන්ගේ ජීවන වියදම අඩු කරන්නද? නැහැ. අවසානයේ වරායේ කන්ටේනර් ටික පන්නපු ආණ්ඩුව අද වෙනකම් ඒ සඳහා ක්‍රියාත්මක වුණාද? මං දැක්කා අර සාගර කාරියවසම් ලේකම්තුමා මාධ්‍ය සාකච්ඡාවක කියපු කතාවකට කඩිනමින් ගිහිල්ලා අධිකරණයට කරුණු වාර්තා කළා, කඩිනමින්. පොලිස්පතිවරයාට පුදුම හදිස්සියක් ඒකට තියෙන්නේ. බාල ගල් අඟුරු ගෙනාපු සමාගම අඩු ගානේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව තීන්දුවක් ගත්තාද ආණ්ඩුව? ​හැකර් කෙනෙක් හොයන්න ආණ්ඩුව මහන්සි වුණාද? රට ගියාද හැකර් හොයන්න? පහුගිය කාලේ ඕස්ට්‍රේලියාවේ ගියා කිව්වනේ කටඋත්තර ගන්න.ගියපු වෙලාවේ හැකර් ගැන ඇහුවාද? නැහැ. අද හැකර් ඉන්නේ පැලවත්ත කාර්යාලයේ. ඕස්ට්‍රේලියාවේ යනවා, හැබැයි හැකර් ගැන හොයන්නේ නැහැ. සිංගප්පූරුවට යනවා, මහා බැංකුව ගැන හොයන්නේ නැහැ. ​ඇයි ඒ? ආණ්ඩුව තමන් සම්බන්ධ වෙලා කරපු වංචාවන්, තමන්ගේ වංචාවන් වසාගන්න විපක්ෂයට ඇඟිල්ල දික් කරනවා. අද ආණ්ඩුවේ ප්‍රසිද්ධම සටන් පාඨය තමයි මේ අධිකරණ පද්ධතියේ පීඩනය අඩු කරන්න, හොරු අල්ලන්න, විනිසුරුවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ කාලය, වයස් සීමාව වැඩි කරන්න ඕනේ කියලා. අර කොන්ද අමාරුවට කකුලේ බෙහෙත් බඳිනවා වගේ වැඩක් අපේ හාමුදුරුවනේ. මෙන්න ආණ්ඩුවේ ක්‍රියාවලිය. ආණ්ඩුව තමන්ගේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැහැ ඒ විදියට. ආණ්ඩුවට උවමනාවක් තියෙනවා නම් මේක පිටිපස්සේ හැංගිච්ච කාරණයක් තියෙනවා නම් ඒක කරගන්න. හැබැයි බොරු කියන්න එපා. ​අධිකරණ පද්ධතියේ පීඩනය වැඩි කරන්න ගරු විනිශ්චයකාරවරු බඳවාගන්න ඕනේ, පුරප්පාඩු පුරවන්න ඕනේ. ඒවා කරන්නේ නැහැ. උසාවි ප්‍රමාණය වැඩි කරන්න ඕනේ, ඒවා කරන්නේ නැහැ. රස පරීක්ෂක වාර්තාව අඩු ගානේ පැය 24න් දෙන්න ආණ්ඩුව ආයෝජනය කරන්න ඕනේ, ඒවා කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. හැබැයි වයස වැඩි කළාම බන්ධනාගාරයේ පීඩනය අඩු වෙනවලු. වයස වැඩි කළාම ගරු විනිශ්චයකාරවරුන්ගේ අධිකරණයේ පීඩනය අඩු වෙනවලු. මෙන්න ආණ්ඩුවේ ක්‍රියාවලිය. ​දැන් බන්ධනාගාරය ඇතුළේ අර්බුදයක් තියෙනවා. ඒක සාමාන්‍ය දැනුම ප්‍රශ්නයක්. 11,000ක් දාන්න පුළුවන් තැන 45,000ක් දැම්මාම පීඩනයක් තියෙනවා. මේක අපි කිව්වාම, මේක පෙන්වලා දුන්නාම ඒකට සූදානම් වෙන්නේ නැතුව, ඒකට අවශ්‍ය පියවර ගන්නේ නැතුව, අඩු ගානේ පහුගිය අයවැයෙන් ගරු අමාත්‍යවරයාට වෙන්වෙච්ච මුදල්වලින් අඩුම ගානේ බන්ධනාගාරවල වැසිකිළි කැසිකිළි පහසුකම් හදපු නැති ආණ්ඩුව, අද සුපුරුදු පරිදි ජනාධිපතිවරයා බලයේ ඉන්න කාලේ මෙවැනි සිද්ධියක් සිද්ධ වුණාම ඇවිල්ලා කිව්වා "ආණ්ඩුව වගකියන්න ඕනේ", එවකට තිබිච්ච ආණ්ඩුව. කවුද කියන්නේ? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කියන්නේ. "හැම පුරවැසියෙක්ගේම ජීවිතයට ආණ්ඩුව වගකියන්න ඕනේ. දැන් එයාලා ආණ්ඩුවේ ඉන්නකොට මේක වුණාම මොකක්ද කියන්නේ? විපක්ෂය වගකියන්න ඕනේ! මේක ෂුවර් එකටම නාමලයාගේ වැඩක්. එහෙමනේ කියන්නේ? මේක ෂුවර් එකටම නාමලයාගේ වැඩක්, මේක විපක්ෂය වගකියන්න ඕනේ, නාමල් වගකියන්න ඕනේ. ජනාධිපතිවරයා කියන්නේ, ආණ්ඩුව කියන්නේ. ​ආණ්ඩුවට එහෙම පේනවාද දන්නේ නැහැ මාව බැලුවාම පොඩියට. නේද, මෙයා තමයි මේක පිටිපස්සේ ඉඳන් මෙහෙයවන්නේ මේ රටම කියලා හිතනවාද දන්නේ නැහැ. ජනාධිපතිවරයා හිතනවාද දන්නේ නැහැ මම තමයි එයාගේ තීන්දුත් ගන්නේ කියලා. එහෙම හිතනවාද දන්නේ නැහැ. ​හැබැයි ඉතින් ජනාධිපතිතුමනි, ගරු ජනාධිපතිවරයා, ඔබ මේ රටේ ජනාධිපති. ඔබට වගකීමක් තියෙනවා. මේ රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න. ඔබට වගකීමක් තියෙනවා මේකට අවශ්‍ය පියවර ගන්න. මේ හැම එකටම විපක්ෂයට ඇඟිල්ල දික් කර කර, රාජපක්ෂලාට බැන බැන කාලය ගත කරලා මේ ප්‍රශ්නයට විසඳුමක් හම්බෙන්නේ නැහැ. ​මං දැක්කා පහුගිය කාලේ අරගලයේ කාලේ සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා වෙනවා. ඔව්, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ දරුවන්ට ගැහුවේ නැහැ. අත තිබ්බේ නැහැ. අපි දැක්කා පහුගිය දිනවල ඉන්දියාවේ මුහුණ දීපු විදිය, සමාජ මාධ්‍යවල යනවා. අපි දැක්කා බංග්ලාදේශයේ මුහුණ දීපු විදිය. අපි දැක්කා නේපාලයේ මුහුණ දීපු විදිය. ​ඔව්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, අපි අඩියක් පස්සට ගත්තා. අපි ජීවිත නැති කරලා, දරුවෝ මරලා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුවක් රකින්න අපි ගියේ නැහැ. අපි යන්නෙත් නැහැ. අපි අඩියක් පස්සට ගත්තා. හැබැයි ඒ මානුෂික විදියට ඒ ප්‍රශ්නයට මුහුණ දීපු එක නිවටකමක් විදියට දකින්න එපා. ​අපි හැමදාම මේ රටේ ජනතාවගේ සමාජ ව්‍යසනයන්ගෙන් මුදවා ගන්න කටයුතු කරපු අය. අපි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එක්ක හැප්පුණේ මේ රටේ සමාජ ව්‍යසනයෙන් ජනතාව මුදවා ගන්න, ත්‍රස්තවාදයෙන් මුදවා ගන්න. කොවිඩ්-19 වසංගතය වෙලාවේ ලෝකයේ සමහර රටවල් ඒ රටවල් විවෘත කරලා, ඕන තරම් ජීවිත නැති වෙනවට ප්‍රශ්නයක් නැහැ, ඕන තරම් මැරෙන්න දෙන්න, ආණ්ඩුවේ ඇඟ බේරාගමු මේකෙන්, මේක ලෝක වසංගතයක් කියලා... අපි පැත්තකට වුණේ නැහැ. අවම ජීවිත ගණනකින් මේ රටේ ජනතාවගේ ජීවිත මුදවා ගන්න අපි කටයුතු කෙරුවා. ​රටේ, රටේ ජීවත් වෙච්ච මුස්ලිම් ජනතාව, ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කමිටුවෙන් ගත්තු සමහර තීන්දු ගැන වැරදි මතයකුත් හැදුණා. අදටත් ඒ හිතේ රිදීමත් එක්ක අපි කෙරෙහි තියෙනවා. ඒ සියලු දේවල් අපි කරේ මේ රටේ සමාජ ව්‍යසනයකින් ජනතාව මුදවා ගන්න. අරගලය ආවා, අපි අරගලයට මුහුණ දුන්නෙත් එහෙමයි. අපි අරගලයට මුහුණ දුන්නෙත් මේ රටේ ජනතාව සමාජ ව්‍යසනයකින් මුදවා ගන්න. ​අපිටත් තිබ්බා හමුදාව, පොලීසිය පාවිච්චි කරලා දහස් ගණනක් ඝාතනය කරලා ආණ්ඩුව රකින්න උත්සාහ කරන්න. නැහැ, අපි එහෙම කරා නම් අද නාමල් රාජපක්ෂ මෙතන ඉන්න විදියකුත් නැති වෙන්න පුළුවන්. අපි යථාර්ථයට මුහුණ දුන්නා. හැබැයි යථාර්ථයට මුහුණ දීලා, ජනතාවගේ පැත්තේ හිටගෙන, සමාජ ව්‍යසනයකින් රටේ තරුණයන් මුදවා ගන්න අපි අඩියක් පස්සට ගත්තු එක නිවටකමක් කියලා හිතනවා නම් ආණ්ඩුව හා ආණ්ඩුවට සම්බන්ධ අය, ඔවුන්ට වැරදිලා කියන එකත් මතක් කරන්න ඕනේ. ​අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ගොවියාගේ වී ප්‍රශ්නය, ගොයන් කැපෙන කාලෙට පිටරටින් හාල් ගේනවා. අල උගුල්ලන කාලෙට පිටරටින් අල ගේනවා. අද වර්තමානයේ පිටරටින් මාළු ගේන නිසා ධීවරයන්ට වර්තමාන තෙල් මිලත් එක්ක තෙල් ගහාගෙන අල්ලන මාළුවලින්, අස්වැන්නෙන් ආදායමක් ලැබුවත් ලාභයක් ලබන්න බැහැ. අද සමස්තයක් විදියට මේ රටේ වැඩකරන පන්තිය, වැඩකරන ජනතාව, වැඩකරන පන්තිය මහා දැවැන්ත ආර්ථික පීඩනයකට මුහුණ දෙනවා.​තරුණයාගේ රැකියා ප්‍රශ්නය, අද වෙනකම් කර්මාන්තශාලා වැහෙනවා මිසක් කර්මාන්තශාලා ඇරලා තියාගන්න ආණ්ඩුව ගත්තු උපය මාර්ගය මොකක්ද? ආණ්ඩුව ඒ සඳහා ගත්තු ක්‍රියාමාර්ග මොනවාද? අපි විශ්වාස කරනවා ආණ්ඩුවක් විදියට යම් ව්‍යාපාරිකයෙක්ගේ කර්මාන්තශාලාවක් වැටෙනවා නම් ඒකට මැදිහත් වෙන්න ඕනේ. තමන්ට හිතවත් අය ආරක්ෂා කරන එක නෙවෙයි, ගමේ ව්‍යවසායකයා ආරක්ෂා කරන්න ඕනේ. ගමේ ව්‍යවසායකයා ආරක්ෂා කිරීම තුළ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ඔවුන්ගේ දායකත්වය ලබාගන්න ඕනේ. ​අද ආණ්ඩුව ඒ කාරණාවලදී ගොවියාට කසිප්පුකාරයා කියලා බනිනවා. නීතිඥවරුන්ට හොරු කියනවා, වෛද්‍යවරුන්ට හොරු කියනවා. රාජ්‍ය සේවකයා අන්ත අසරණ වෙන තැනට පත් කරලා තියෙන්නේ. රැකියාවක් ඉල්ලගෙන ආවොත් තරුණයෙක් ආණ්ඩුවේ රක්ෂා නෙවෙයි, දරුවෝ කියන්නේ අපිට ආදායමක් ගන්න පුළුවන් ක්‍රමයක් දෙන්න. ඒ දරුවන්ව සමාජයේ කොන් වෙන තැනට ආණ්ඩුව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්නේ. ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදර සහෝදරියනි, අපි හැමදාම මේ රටේ ජනතාව එක්ක දේශපාලනය කරනවා. Namal Rajapaksa Critiques Government for Failing Youth Amid Economic Crisis In a passionate speech in the Attanagalla area of the Gampaha district, Parliament Member Namal Rajapaksa addressed the government's handling of the economic crisis and social challenges facing the country's youth. He reflected on the brutal tactics used by the government during the protests, emphasizing that if they had resorted to violence, he might not be standing there today. Rajapaksa voiced concerns about the government's current approach, highlighting a disconnect between policymaking and the struggles of the people. "The government portrays itself as facing challenges from civil organizations opposing it, while simultaneously diminishing the very same public they are tasked to serve," he stated, underlining the pressure citizens face daily. Addressing the mounting economic burden, Rajapaksa criticized the government's preferential tax policies that favor select individuals while imposing heavy tax burdens on ordinary citizens. He lamented that despite claims of having trillions in financial reserves, the government's policies have led to increasingly dire economic circumstances for most citizens. He elaborated on the government's failure to address issues within the country, emphasizing the unnecessary increases in utility costs and taxes amidst a deteriorating standard of living for the masses. The government's reluctance to tackle the real problems facing its citizens, he argued, is leading to a crisis that the authorities refuse to acknowledge. Furthermore, he pointed out the disparity between the government's claims and the reality faced by the people. While the president boasts about abundant resources, ordinary citizens face the repercussions of government corruption and ineptitude, which exacerbate their economic challenges. Rajapaksa stated that the government needs to take decisive action rather than shifting blame to opposition parties. "It is your duty as the president to stand for the people of this country, not to deflect responsibility," he urged President Gotabaya Rajapaksa, insisting that real solutions must come from the government rather than continued finger-pointing. He stressed the importance of being proactive in addressing social issues and the responsibilities government has towards its citizens. Calling for compassion and genuine efforts to alleviate their suffering, he noted that merely managing crises is not enough; genuine reform is needed to restore faith in governance. In a direct challenge to the administration, Rajapaksa asked the government to clarify its plans for improving the standards of living and addressing the true grievances of the public. He highlighted the critical role young people play in the country's future and urged the government to take steps to secure their potential through supportive policies and opportunities. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad