
තේ අස්වැන්න 20%ක් වැටේ...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ හැටන්, නුවරඑළිය, නාවලපිටිය සහ බදුල්ල යන ප්‍රධාන වතු ආශ්‍රිත ප්‍රදේශවලට මෙම කාලගුණික විපර්යාස දැඩි ලෙස බලපා ඇති බවයි. අධික වර්ෂාව පැවති සමයේ වතු සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔවුන් තාවකාලිකව ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවත්, මේ වන විට කාලගුණය යහපත් අතට හැරෙමින් පවතින බැවින් ඔවුන් යළි සිය නිවෙස් බලා ගොස් ඇති බවත් හෙතෙම සඳහන් කළේය. අධික වර්ෂාව නිසා තේ දලු හා පත්‍රවලට සෘජුව හානි සිදුවන අතර, වායුගෝලයේ පවතින ඉහළ ආර්ද්‍රතාවය හේතුවෙන් දිලීර රෝග පැතිරීමේ අවදානමක් පවතින බව ද ආචාර්ය රාජදුරෙයි වැඩිදුරටත් පැහැදිලි කළේය. කෙසේ වෙතත්, විධිමත් පාංශු සංරක්ෂණය, ජලය අවශෝෂණය කර ගැනීම සහ පාංශු ඛාදනය වැළැක්වීම වැනි සම්මත කෘෂිකාර්මික ක්‍රමවේද අනුගමනය කිරීම හරහා බෝග හානිය අවම කර ගැනීමට වැවිලි අංශය මේ වන විටත් පියවර ගෙන තිබේ. නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින මෙම බාධාවන්ට අමතරව, බටහිර ආසියානු කලාපයේ පවතින දේශපාලන නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙරට ප්‍රධාන තේ වෙළෙඳපොළවල් වෙත එල්ල වී ඇති බලපෑම පිළිබඳව ද ඉදිරියේදී දැඩි අවධානයක් යොමු කළ යුතු බව ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

