FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සාගර අත්අඩංගුවට ගෙන ඇත්තේ 'රජුට එරෙහිව ජනතාව කුපිත කිරීම' චෝදනා මත

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රජුට එරෙහිව ජනතාව කුපිත කිරීමේ චෝදනාවද අනුව බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි, දණ්ඩ නීති සංග්‍රහයේ 113, 120, 186 සහ 486 යන වගන්ති යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත්. විශේෂයෙන්ම ද ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය. තමන් අත්අඩංගුවට ගන්නා බව කල්තියා දැන සිටි සාගර කාරියවසම් මහතා, සිය ජංගම දුරකථනය පවා රැගෙන නොවිත් ඉතා සන්සුන්ව පොලිසිය හමුවට පැමිණි බව ද ඔහු පැවසීය. තමන් මහ බැංකු බැඳුම්කර වංචාව, ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචා හෝ ගල්අඟුරු වංචා වැනි කිසිදු දූෂිත ක්‍රියාවකට සම්බන්ධ නොමැති බැවින් ඕනෑම පරීක්ෂණයකට බියක් නොමැතිව මුහුණ දීමට සූදානම් බව කාරියවසම් මහතා ප්‍රකාශ කළ බව ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Google AdSense

In-Article Ad