
කතා විතරයි.. අන්තිමේ තිබුන දෙයත් නැතිවෙලා..- අගමැතිනිගේ මූණටම වන්නිලැත්තෝ කියයි..
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව තමන් පාර්ලිමේන්තුවට ගොස් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී ආදිවාසීන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිඵලයක් ලැබී නොමැති බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති. අගමැතිනි හරිනි අමරසූරියගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආදිවාසි දින සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ, ආදිවාසි පනතට අදාළ ගැසට් නිවේදනය සකස් කර අවසන් බවට තොරතුරු ලැබුණද එය මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම කණගාටුවට කරුණක් බවයි. විවිධ පොරොන්දු සහ ගිවිසුම් අත්සන් කළද, අවසානයේදී තමන් සතුව තිබූ අයිතිවාසිකම් පවා අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. "අපි අගමැතිනිය හමුවෙලා මේ ගැන කතා කළා. ගැසට් එකත් ලෑස්තියි කිව්වා. නමුත් අන්තිමේදී බැලුවම තිබුණ දේත් නැතිවෙලා" යැයි වන්නිල ඇත්තෝ සිය අප්‍රසාදය පළ කළහ. ආදිවාසීන්ගේ උරුමයන් සහ පරම්පරාගත ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සංස්කෘතික සහ පරිසර අමාත්‍යවරුන් මෙම අවස්ථාවට සහභාගී වනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බවත්, ඔවුන් වෙනුවට දෙපාර්තමේන්තුවල පහළම මට්ටමේ නිලධාරීන් පමණක් යොමු කිරීම පිළිබඳව තමන් කණගාටු වන බවත් ඔහු පැවසීය. තීරණ ගැනීමේ බලයක් නොමැති නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් ආදිවාසි ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව ද ඌරුවරිගේ වන්නිල ඇත්තෝ වැඩිදුරටත් අවධාරණය කළහ. Indigenous Leaders Demand Action Following Meetings with Prime Minister Leaders from the indigenous community have expressed frustration over the lack of tangible outcomes from discussions held with Prime Minister Harini Amarasuriya since the current government took power. Despite her commitment to discussing indigenous issues during her parliamentary visit, no significant advancements have been reported, according to Uruwari's Vanni Indigenous leader. Participating in a celebration of Indigenous Day under the auspices of Prime Minister Amarasuriya, the leader revealed that, while they had been informed about the preparations for the gazette notification related to the Indigenous Act, its failure to be published thus far is disheartening. He highlighted a troubling trend of losing even the rights they once held, despite signing various agreements. “We met with the Prime Minister and discussed these concerns. They mentioned the gazette was ready, yet, ultimately, we find ourselves back at square one,” he expressed disappointment. During the event, there was an expectation that Ministers of Cultural and Environmental Affairs would engage in discussions regarding the traditional rights and historical issues facing indigenous peoples. However, the leader lamented that only lower-level officials from their respective departments were sent in their place. The leader further emphasized that engaging in discussions with officials devoid of decision-making authority is insufficient to address the pressing issues confronting the indigenous community. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

