FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යාපන බන්ධනාගාරයේ ආරක්‍ෂාව දැඩි කරයි... රැදවියන් බැලීම සීමා කරයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බන්ධනාගාරය වෙත පිවිසීමට හැකි මාර්ග සංඛ්‍යාව එක් මාර්ගයක් දක්වා සීමා කර ඇති බව වාර්තා වේ. මීට අමතරව, රැඳවියන් බැලීම සඳහා පැමිණෙන ඥාතීන්ට ද නව සීමාවන් පනවා ඇති අතර, ඒ අනුව එක් රැඳවියකු බැලීම සඳහා දිනකට අවසර හිමිවන්නේ එක් අයකුට පමණි. බන්ධනාගාර පාලන අධිකාරිය මෙම තීරණය ගෙන ඇත්තේ පවතින ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි. යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මානව හිමිකම් සංවිධාන සහ දේශපාලන සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන කළ ඉල්ලීම් ද මෙම ආරක්ෂක විධිවිධාන තර කිරීමට හේතු වී තිබේ. එමෙන්ම, එහි රඳවා සිටින ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස තමිල්නාඩු ධීවර සංගමය ද ශ්‍රී ලංකා රජයෙන් සහ අදාළ පාර්ශ්වවලින් ඉල්ලීමක් කර තිබුණි. බන්ධනාගාර පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එහි රඳවා සිටින සියලුම රැඳවියන්ගේ ආරක්ෂාව උපරිම අයුරින් සහතික කිරීම සඳහා මෙම නව ක්‍රියාමාර්ග ගත් බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත්ය

Google AdSense

In-Article Ad