FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශ්‍රී ලංකාව සඳහා නම් කරන ලද එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා දිවයිනට පැමිණෙයි

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

August 25 (Citizen News) – ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය රාජකාරි භාර ගැනීම සඳහා එක්සත් ජනපද තානාපති ලෙස නම් කර ඇති එරික් මයර් මහතා 2026 අගෝස්තු 22 වන දින සන්ධ්‍යාවේ කොළඹට පැමිණියේය. ශ්‍රී ලංකාවේ 29 වැනි එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම පිළිබඳව සිය උද්‍යෝගය පළ කරමින්, තානාපති ධුරය සඳහා නම් කරන ලද මයර් මහතා මෙසේ ප්‍රකාශ කළේය: “ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපදය නියෝජනය කිරීමට ලැබීම මට මහත් ගෞරවයකි. අප දෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අතර පවතින ශක්තිමත් පදනම තවදුරටත් ගොඩනඟමින්, ඇමරිකානු ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්‍මාණය කරන, අපගේ පොදු ආරක්ෂක අවශ්‍යතා තවදුරටත් ඉදිරියට ගෙන යන සහ ඇමරිකානුවන්ට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ටද වඩාත් ඉහළ සෞභාග්‍යයක් උදා කරන එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයක් ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙමි.” ශ්‍රී ලංකාවේ මෙම රාජකාරිය භාර ගැනීමට පෙර, ඔහු නෝර්‍වේ රාජ්‍යයේ එක්සත් ජනපද දූත මණ්ඩලයේ වැඩබලන තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඊට පෙර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්‍තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්‍යාංශ නිලධාරියා ලෙස සේවය කළේය. තානාපති ධුරය සඳහා නම් කරන ලද මයර් මහතා පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා: එක්සත් ජනපද තානාපති කාර්‍යාලය සහ තානාපති මයර් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අනුගමනය කරන්න: නිල ජීව දත්ත විස්තරය : https://lk.usembassy.gov/ambassador සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා පැවැත්වෙන විභාගයේ ආරම්භක ප්‍රකාශය: ලිඛිත ප්‍රකාශය : https://share.google/ng2b1x5hMr4yLz5be වීඩියෝ : https://www.foreign.senate.gov/hearings/nominations-12-11-2025

Google AdSense

In-Article Ad