
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට උද්ගෝෂණ....
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පීඩාවට පත් එම ජනතාව (23) දිනයේදි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවට අයත් නාවලපිටිය හයින්ෆෝඩ් වතුයායේ ඉඩම් බලෙන් අත්පත් කර ගැනිමට උත්සහ කිරිමේදි නාවලපිටිය පොලිසියේ නිළධාරින් විසින් ඔවුන්ගේ ගැටළුව විසදීමට ප්‍රාදේශීය ලේකම් වරිය සමග සාකච්ඡා කිරිමට අවස්ථාව ලබා දෙන බවට පොරොන්දු විමෙන් අනතුරුව එම ජනතාව (23) දින එම විරෝධතාවය තාවකාලිකව නතර කරනු ලැබීය . විරෝධතාකරුවන් පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතා පුවරු සහිතව විරෝධතාවයක නියැලුණු අතර , නාවලපිටිය පොලිස් ස්ථානාධිපති කේ . එම් . කුලතුංග මහතා විසින් උද්ඝෝෂකයන් තිදෙනෙකුට පසුව ප්‍රාදේශීය ලේකම් වරයා සමග සාකච්ඡා කිරිමට අවස්ථාව ලබා දෙන ලදී . සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ පීඩාවට පත් ජනතාව කියා සිටියේ , ජාතික ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මියව මේ පිළිබඳ ව දැනුවත් කිරීමෙන් අනතුරුව අවශ්‍ය පියවර ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් වරිය කටයුතු කරන බවට පොරොන්දු වූ බවයි . (23) දින හයිනපෝඩ් වත්තේ අනවසරයෙන් ඉදිකරන ලද අට්ටාලය එලෙසම තිබෙන අයුරු දක්නට ලැබුණි .
Google AdSense
In-Article Ad

