
ආයු අපේක්‍ෂාව වැඩිවෙලා.. වැඩිහිටි, අත්දැකීම් බහුල පිරිසගේ සේවය ලබාගත යුතුයි.. විශ්‍රාම වැඩි කරන්නේ ඒකයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජන හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්‍ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙය ලෝකයට අලුත් දෙයක් නොවන බවයි. එංගලන්තය වැනි රටවල විශ්‍රාම වයස අවුරුදු 70-75 දක්වා ඉහළ නංවා ඇති බවත්, දකුණු අප්‍රිකාව වැනි රටවල් ද මෙවැනි පියවර ගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. 1978 වසරේදී මෙරට පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 67ක්ව පැවති නමුත්, වර්‍තමානය වන විට එය වසර 77 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. මිනිසුන් වැඩි කාලයක් ජීවත් වන බැවින්, ඔවුන් සතු අත්දැකීම් හා දැනුම රටේ සංවර්‍ධනය සඳහා වැඩි කාලයක් යොදා ගැනීම තර්‍කානුකූල බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

