
ගෙන්වූ පිළිකා එන්නත් 160,000ක ලේබල් නෑ.. ලේබල් ගහන්න නැවත චීනයට යැවුවා.. ගුණාත්මකභාවය අවුලක් නෑ...- නලින්ද
FM Heart · 4 min read
Google AdSense
After Featured Image
පිළිකා රෝගීන්ට ලබාදෙන 'ෆිල්ග්‍රාස්ටිම්' (Filgrastim) එන්නත් මාත්‍රා එක්ලක්ෂ හැටදහසක (160,000) ලේබල් නොමැති වීම හේතුවෙන් ඒවා යළි ලේබල් කිරීම සඳහා චීනයට යැවීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. කීමෝතෙරපි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුදු රුධිරාණු මට්ටම ඉහළ නැංවීම සඳහා මෙම එන්නත අත්‍යවශ්‍ය වේ. රජයේ ඖෂධ නීතිගත සංස්ථාව හරහා චීනයෙන් ඇණවුම් කරන ලද මෙම එන්නත් තොගය පසුගිය ජූලි මාසයේදී මෙරටට ලැබී ඇත. කෙසේ වෙතත්, එම එන්නත් අඩංගු සිරින්ජවල ලේබල් නොමැති වීමත්, ලේබල් අඩංගු වී තිබුණේ ඒවායේ ඇසුරුම් පෙට්ටිවල පමණක් වීමත් නිසා මෙම ගැටලුව මතු වී තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීති රීති අනුව, සිරින්ජය මත ලේබලය නොමැතිව ඖෂධයක් භාවිතයට අවසර දිය නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පෙට්ටියෙන් ඉවතට ගත් පසු ඖෂධය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීමෙන් රෝගී ආරක්ෂාවට තර්‍ජනයක් විය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇත. මෙය ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක් නොව, තාක්ෂණික සහ ක්‍රියාපටිපාටිමය ගැටලුවක් බවද ඔහු අවධාරණය කළේය. මෙම තත්ත්වය මත අදාළ සැපයුම්කරුට දැනුම් දී එම එන්නත් තොගය යළි චීනයට යවා ලේබල් අලවා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳන් කළේය. එසේම, ඉදිරි වසර සඳහා ඉන්දියාවෙන්ද මෙම ඖෂධය ගෙන්වීමට පියවර ගෙන ඇති අතර, පවතින හිඟය මඟහරවා ගැනීම සඳහා වෙළඳපොළට ඖෂධ නිකුත් කරන ලෙස සැපයුම්කරුවන්ට උපදෙස් දී තිබේ. ඖෂධ හිඟය හේතුවෙන් රුපියල් 900ක් පමණ වන මෙම එන්නතක් පෞද්ගලික අංශයෙන් රුපියල් 23,000ක් වැනි අධික මිලකට මිලදී ගැනීමට රෝගීන්ට සිදුව ඇති බව මාධ්‍යවේදීන් පෙන්වා දුන් අතර පවතින ප්‍රමාදය අවම කර රෝගීන්ට සහන සැලසීම රජයේ ප්‍රමුඛතාවය බව අමාත්‍යවරයා පැවසීය. Health Minister Addresses Critical Vaccine Labeling Issue for Cancer Patients The health ministry has decided to despatch a stock of unlabelled 'Filgrastim' vaccine doses—which number 160,000—back to China for relabelling. This announcement was made by Health Minister Nalinda Jayatissa during a media briefing regarding recent cabinet decisions. Filgrastim, a crucial vaccine essential for raising white blood cell counts in patients undergoing chemotherapy, was procured through the state pharmaceutical corporation and arrived in Sri Lanka last July. The issue arose because while the syringes containing the vaccine lacked appropriate labels, only the outer packaging boxes were properly labelled. This oversight prompted the decision to return the stock for proper labelling. Minister Jayatissa highlighted that, in accordance with regulations set by the National Medicines Regulatory Authority, a medication cannot be administered without a label on its syringe—an essential requirement for patient safety. The absence of a label could potentially endanger patients by making it difficult to correctly identify the medication once removed from its packaging. He clarified that this situation does not pertain to the quality of the vaccine, but rather represents a technical and procedural issue. The minister further indicated that the supplier had been notified, and efforts are underway to expediently send the batch back to China for relabelling before returning it to Sri Lanka. Additionally, plans to source this medication from India for the upcoming year have also been initiated, with suppliers being instructed to expedite drug distribution to mitigate the ongoing shortage. Journalists pointed out that due to the current vaccine shortage, patients in the private sector are being forced to pay exorbitant amounts, approximately Rs. 23,000 per dose, compared to the standard price of around Rs. 900. The minister emphasized that minimizing delays and ensuring patient relief remain top priorities for the government. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

