FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඇමරිකාව පහර දේ යයි බියෙන් ඉරාන නැවු 20ක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ නවතී...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඉරාන ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකා 13ක් ඇතුළු තවත් යාත්‍රා කිහිපයක් මෙලෙස ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ රැඳී සිටින බව 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පත වාර්‍තා කර තිබේ. ටෑන්ක්ට්‍රැකර්‍ස් ප්‍රකාශ කර ඇත්තේ, මෙම නෞකා බොහොමයක් නැවත ඉරානයට ඇතුළු වී ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි. එහෙත්, එල්ල විය හැකි ප්‍රහාරයන් පිළිබඳ පවතින බිය හේතුවෙන් ඒවා මෙලෙස ආරක්ෂිත පියවරක් ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව අසල රැඳී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙම නෞකා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ස්ථාවරය පැහැදිලි කර ඇත. අදාළ නෞකා පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් වුවද, ඒවා නැංගුරම් ලා ඇත්තේ මෙරට සුවිශේෂී ආර්‍ථික කලාප සීමාවෙන් බැහැරව බැවින්, එම නෞකා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු වගකීමක් හෝ බැඳීමක් නොමැති බව අමාත්‍යාංශය අවධාරණය කරයි. එමෙන්ම එම නෞකා සඳහා ශ්‍රී ලංකාව කිසිදු පහසුකමක් සපයන්නේ නැති බවද රජය පවසයි. පසුගිය මාස හයක කාලය තුළ ඇමෙරිකානු නාවික හමුදාව විසින් ඉරාන නෞකා 20කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉරාන වරායන් වෙත ගමන් කළ වෙළඳ නෞකා 75කට අධික සංඛ්‍යාවක් ආපසු හරවා යවා ඇති බව දත්ත වාර්‍තා පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ ආරක්ෂාව පතා ඉරාන නෞකා ශ්‍රී ලංකාව සහ පකිස්ථානයට ආසන්න මුහුදු ප්‍රදේශවල රැඳී සිටින බව නාවික වෙළඳ දත්ත මගින් අනාවරණය වේ.

Google AdSense

In-Article Ad