
විභාග අක්‍රමිකතාවක් යයි කොළඹ සරසවියේ උපකුලපති ඇතුළු හතකට එරෙහිව සිසුවෙකුගෙන් වන්දි නඩුවක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සනත් කුමාර අතුකෝරළ මහතා විසින් මෙම නඩුව ගොනු කර තිබේ. මුලින් විභාගය අසමත් කළ සිසුන් පිරිසක්, යළි විභාගයක් පැවැත්වීමකින් තොරව පසු අවස්ථාවක සමත් කළේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ප්‍රශ්න කර ඇති අතර, එම ක්‍රියාවලිය හරහා තමන්ට අගතියක් සිදුව ඇති බව පෙත්සම්කාර ශිෂ්‍යයා පෙන්වා දෙයි. මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක, හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක, අංශ ප්‍රධානී සමිකා අබේධීර මනෝරත්න, කථිකාචාර්‍යවරුන් වන සී.එල්. දියගුආරච්චි, ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න සහ විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපුහින්න ජයරත්න යන මහත්ම මහත්මීන්ට මෙන්ම නීතිපතිවරයාට ද මෙම නොතීසි භාර දෙන ලෙස විනිසුරුවරයා නියෝග කළේය. අදාළ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඇත්නම් ලබන 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ලියාපදිංචි තැපෑලෙන් සහ අධිකරණ පිස්කල්වරයා මාර්‍ගයෙන් මෙම නොතීසි නිකුත් කිරීමට පියවර ගෙන ඇත. පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසන පෙත්සම්කරු, ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අය කර දෙන ලෙස අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
Google AdSense
In-Article Ad

