
කෝටි තුනක දුෂණ චෝදනා : කතානායක අල්ලස් කොමිසමේ ටික ටික හිරවෙයි...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මෙම දූෂණ පැමිණිල්ලට අදාළව කථානායකවරයාගේ පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අදාළ අංශ භාර නිලධාරීන් ලබන 03 වනදා කොමිෂන් සභාව හමුවට කැඳවන ලෙස ද දැනුම් දී ඇත. කථානායකවරයා පරිහරණය කරන නිල නිවාස, වාහන, ඒ සඳහා ලබාගත් ඉන්ධන, ආහාරපාන සහ පෞද්ගලික කාර්‍ය මණ්ඩලයේ විස්තර ඇතුළත් සියලුම ලේඛන මෙලෙස කොමිසම හමුවට ඉදිරිපත් කළ යුතු වේ. පාර්‍ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වනදා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්‍ශන ආරම්භ කර තිබේ. පැමිණිලිකාර චමින්ද කුලරත්න මහතා පසුගිය 13 වනදා අල්ලස් කොමිසම හමුවේ දීර්‍ඝ ප්‍රකාශයක් ලබා දී ඇති අතර, චෝදනාවලට අදාළ ලේඛන රැසක් ද එහිදී භාර දී ඇත. වාහන අවභාවිතය සහ නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා ලබා ගැනීම, පාර්‍ලිමේන්තු මාධ්‍ය අංශයට අයත් උපකරණ අවභාවිත කිරීම, නියමිත මුදල් ගෙවීමකින් තොරව පාර්‍ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම, නීතිවිරෝධී ලෙස පත් කරන ලද විමර්‍ශන නිලධාරීන් සඳහා රජයේ අනුමත වගකීම්වලින් බැහැරව මුදල් ගෙවීම, නීතිවිරෝධී ලෙස රජයේ නිල නිවාස දෙකක් පරිහරණය කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ඉල්ලන ලද තොරතුරු ලබා නොදී දූෂණ හෙළිදරව් වීම වැළැක්වීමට ක්‍රියා කිරීම, පාර්‍ලිමේන්තු පරිපාලනයට අනීතික ලෙස මැදිහත් වීම එල්ල වී ඇති ප්‍රධාන චෝදනාය. මෙම අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් කෝටි තුනක (මිලියන 30ක) පමණ මූල්‍ය පාඩුවක් සහ මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත. ඒ අනුව, අල්ලස් කොමිසම මේ පිළිබඳව පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර තිබේ.
Google AdSense
In-Article Ad

