
පානදුර කුඩු සළිදුගේ මුදල් ගණුදෙනු කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුර කුඩු සළිඳු‘ නැමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ රත්මලාන ගුවන් තොටුපොළ හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (17) රාත්‍රියේදීයි. සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 63 කට අධික මුදලක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 කට වැඩි ප්‍රමාණයක්, ස්කූටර් වර්‍ගයේ යතුරුපැදියක්, නවීන පන්නයේ මුදල් ගණින යන්ත්‍රයක් සහ විද්‍යුත් තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. දීර්‍ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය බෙදාහරිමින් මුදල් එකතු කිරීමේ නිරත වීම වෙනුවෙන් ‘කුඩු සළිඳු‘ විසින් මොවුන්ට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මාසික වැටුපක් ගෙවා ඇති බවයි. අවුරුදු 34 සහ 26 යන වයස්වල පසුවන මෙම සැකකාර අඹුසැමි යුවළ රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පියවර ගෙන තිබෙනවා. .
Google AdSense
In-Article Ad

