
කතානායක නිවසේ බඩු පොත අතුරුදන්.. පුද්ගලික කාර්‍ය මණ්ඩලය කිවුවා කියා බංගලා බාරකරු කට උත්තර දෙයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
එම වාර්‍තාවට අනුව, කථානායකවරයා ජගත් වික්‍රමරත්න මහතාටට නිල නිවස නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඊයේ (28) නිල නිවසේ කළමනාකාරවරයාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. කොමිසම කළ දැනුම්දීමකට අනුව ඔහු ඊයේ පෙරවරුවේ එම විමර්‍ශන නිලධාරීන් හමුවේ පෙනී සිට තිබේ. එහිදී කළමනාකාර පසන් අතුකෝරල මහතා පවසා ඇත්තේ, අදාළ බඩු වට්ටෝරු පොත භාරව කටයුතු කළ කථානායකවරයාගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩල නිලධාරියා ළඟ එම ලේඛනය නොමැති බව තමා වෙත දැනුම් දුන් බවයි. කථානායක නිල නිවස සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය සේවක ලේඛන ඇතුළු සියලුම ලිපිගොනු මෙන්ම විදුලිය, ජලය සහ අනෙකුත් ගෙවීම්වලට අදාළ ලියකියවිලි ද සමඟින් බංගලා කළමනාකරු කොමිසමේ විශේෂ විමර්‍ශන අංශය වෙත යොමු කරන ලෙස පාර්‍ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) චින්තා කුලන්සිංහ මහත්මියට අල්ලස් කොමිසම මීට පෙර නිල වශයෙන් දැනුම් දී තිබිණි. පාර්‍ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ මෙම විමර්‍ශන කටයුතු සිදු කෙරේ. මේ අතර, කථානායකවරයාට ලබාදී තිබූ පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) චින්තා කුලන්සිංහ මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් තිදෙනෙකු ද මීට පෙර අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබිණි. තවද, මෙම පැමිණිල්ල සිදුකළ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිදුව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතාවලට අදාළ ලියකියවිලි තොගයක් ද ඔහු විසින් කොමිසම වෙත භාරදී ඇති බව එම පුවත්පත් වාර්‍තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Google AdSense
In-Article Ad

