
ආසියාවේ විශාලතම ළමා රෝහල බොරැල්ල රිජ්වෙ ආර්‍ය ළමා රෝහල දානපතියන්ගෙන් ඖෂධ ඉල්ලයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
සාමාන්‍ය තත්ත්වය යටතේ වෛද්‍ය සැපයුම් මේකකය මගින් අඛණ්ඩ සැපයුමක් පවතින කිසිදු ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් හෝ රසායන ද්‍රව්‍යයක් මේ අන්දමට පරිත්‍යාග ලෙස ඉල්ලා සිටිය නොහැකි බවත් මේ අනුව මෙතරම් විශාල ඖෂධ හා ශල්‍ය උපකරණ ප්‍රමාණයක් පරිත්‍යාග ලෙස ඉල්ලා සිටීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කරයි. ජාතික රෝහලක නිල වෙබ් අඩවිය දෛනිකව යාවත්කාලීන කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ඩිජිටල්කරණය යටතේ විශාල පිරිවැයක්ද වියදම් කරන බැවින් මෙම තොරතුරු යාවත්කාලීන වූ සත්‍ය තොරතුරු ලෙස ජනගත වන බැවින් මේ අන්දමට සැලකිය යුතු ඖෂධ හිමියක් හා ශල්‍ය උපකරණ හිඟයක් ළමා රෝහල තුළ පවතින්නේ ඇයිදැයි බලධාරීන් පැහැදිලි කළ යුතු බවද ඔහු සඳහන් කරයි. බොරැල්ල රිජ්වෙ ළමා රොහල් නිල වෙබ් අඩවියට අනුව ඊයෙ උදෑසන වන විට පහත ඖෂධ හා ශල්‍ය උපකරණ දානපති පරිත්‍යාග ලෙස ලබාදිය හැකි බව සඳහන් කොට තිබිණි. එහි ඖෂධ කාණ්ඩ 40 ක්ද ශල්‍ය උපකරණ 60 ක්ද රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය 25 ක ලැයිස්තුවක්ද සඳහන් කොට තිබිණි. ඒවායින් ප්‍රමුඛව හිග ඖෂධ හා ශල්‍ය උපකරණ අතර රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන උපකරණ හා උපාංග 25ක් ද මෙම ලැයිස්තුවට අඩංගු ය. මෙම ළමා රෝහලට පරිත්‍යාග ඉදිරිපත් කිරීමට කැමති දානපතියන්ට රෝහල හරහා වැඩි තොරතුරු ලබා ගැනීමට හැකිය.
Google AdSense
In-Article Ad

