
හිරේ ගියාම සිවුර ගැලවීම ගැන අපටත් කම්පාවක් තියෙනවා..- ඇමති
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මේ සම්බන්ධයෙන් මතුව ඇති සංවේදී තත්ත්වය පිළිබඳව රජයේ මෙන්ම ජනාධිපතිවරයාගේ ද විශේෂ අවධානය යොමුව ඇති බවත්, ඒ අනුව පවතින නීතිමය රාමුව සංශෝධනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්‍ග ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැහැදිලි කළේය. "සිරදඬුවම් නියම වූ භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරය තුළ පසුවන්නේද පැවිදි නාමයෙන්මයි. උන්වහන්සේලා උපැවිදි වී නැහැ. එසේ උපැවිදි නොවූ භික්ෂූන් වහන්සේ නමක් වෙනත් නඩුවකට අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සිවුරෙන් තොරව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කම්පනයක් සහ සැලකිල්ලක් මතුව තිබෙනවා. ඇත්තෙන්ම ඒ පිළිබඳව අපටත් යම් කම්පනයක් තිබෙනවා. නමුත් මෙහිදී බන්ධනාගාර දෙපාර්‍තමේන්තුව කටයුතු කර ඇත්තේ දැනට පවතින නීති රෙගුලාසිවලට අනුකූලවයි. අධිකරණ තීන්දුවකින් පසු ඕනෑම රැඳවියෙකු භාරවන්නේ බන්ධනාගාර දෙපාර්‍තමේන්තුවටයි. රජය මේ දේ චේතනාන්විතව හෝ අභිමතය පරිදි සිදුකළ බවට කෙරෙන ප්‍රකාශ අප කිසිසේත්ම පිළිගන්නේ නැහැ. රජයෙන් කිසිදු බලපෑමක් මෙහිදී සිදුවෙලා නැහැ." කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ නිහඬව නොසිට ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, "මෙහිදී අප රජයක් ලෙස වරදක් කරන්නේ මෙතැනින් එහාට මෙම නීතිමය තත්ත්වය වෙනස් නොකළහොත් පමණයි. ඒ නිසාම මේ පිළිබඳව සාකච්ඡා කර, ජනාධිපතිතුමාගේ ද සෘජු මැදිහත්වීමෙන් යුතුව අදාළ නීති කඩිනමින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා" යැයි වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

