FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජනපති හා පැවති සාකච්චාවෙන් වැඩක් වී නෑ.. අපේ උපෝසථාගාරයට එන්න..- මහනාහිමි අනුමැතියෙන් සංඝ සභාවෙන් ජනපති කැදවයි..

FM Heart · 4 min read

Google AdSense

After Featured Image

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම හෝ තබා ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්‍ණ බලය ඇත්තේ සිය මහා සංඝ සභාවට පමණක් බව පවසමින්, ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කෝට්ටේ රාජමහා විහාරයට පැමිණෙන ලෙස මහා විහාරවංශික ශ්‍රී ජයවර්‍ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්‍ම මහා සංඝ සභාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ආරාධනයක් සිදු කර තිබේ. අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතිය ඇතිව, එම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, මහාචාර්‍ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමු කර ඇත. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අයත් වන්නේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්‍ම මහා සංඝ සභාවට බවත්, උන්වහන්සේගේ සිවුර රඳවා ගැනීම හෝ ඉවත් කිරීම පිළිබඳ තීරණ ගැනීමේ නෛතික හා විනයානුකූල බලය පවතින්නේ සිය සංඝ සභාව සතුව බවත් එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ. උන්වහන්සේ සිවුරු පිටින් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවට සිය සංඝ සභාව දැරූ ස්ථාවරය මීට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දුන් බවත්, එහි පිටපතක් ජනාධිපතිවරයා වෙත ද යොමු කළ බවත් උන්වහන්සේ සිහිපත් කරති. එසේ තිබියදී, සිය මහා සංඝ සභාව සහභාගී කර නොගෙන පසුගිය ඔක්තෝබර් 08 වන දින වෙනත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිරිසක් සමඟ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡාවක් පවත්වා ඇති බව මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබුණු බව එම ලිපියේ සඳහන් වේ. කෙසේ වෙතත්, අදාළ ගැටලුව මෙතෙක් නිසි පරිදි විසඳී නොමැති බව සිය මහා සංඝ සභාවේ විශ්වාසය බව පෙන්වා දෙන අනුනායක හිමියෝ, මෙය සමස්ත මහා සංඝරත්නයටත් බෞද්ධ සමාජයටත් බලපා ඇති අතිශය සංවේදී ගැටලුවක් බව අවධාරණය කරති. එබැවින්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථම, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුදුසු දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන විෂයභාර අමාත්‍යවරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද සමඟ ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ ශ්‍රී මංගල උපෝසථාගාරය වෙත පැමිණෙන ලෙස අදාළ ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත. Senior Monks Call for Dialogue Over Glorious Cessation of Galagodaaththe Gnanasara's Saffron Robes The Mahayana Buddhist Society of Sri Jayawardenepura Kotte has formally invited President Anura Kumara Dissanayake to engage in discussions at the Rajamaha Viharaya in Kotte regarding the contentious status of Galagodaaththe Gnanasara Thero's saffron robes. The monks asserted that the authority to decide on such a matter rests solely with the larger monastic council, emphasizing the need for a collective approach to address the ongoing issues. This correspondence, sanctioned by the Chief Prelate, was sent to the President with the signature of Venerable Kotapitiye Rahula Anunayake Thero, the society's principal secretary. The letter underlines that any deliberation regarding the retention or removal of Gnanasara Thero's robes must align with the ethical and disciplinary tenets upheld by the monastic community. The society has reiterated its stance that the issue must be formally presented to the judiciary, a position they previously communicated to the General Prison Commissioner; a copy of this notification was also dispatched to the President. Notably, it came to light that on October 8, discussions related to this matter took place involving the President and a group of other senior monks, without the participation of the larger monastic council, as outlined in the letter. Senior monks expressed their concern that the issue remains unresolved, highlighting its sensitivity and broader implications for the entire Buddhist community. They stress that this matter not only affects the monastic order but also has significant repercussions for the Buddhist society at large. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad