FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රිමාන්ඩ් සිටින නාමල්ට රෝහලේ සිට පියාගෙන් තීරණාත්මක විශේෂ ලිපියක්! මාධ්‍යට හෙළි නොවූ ලිපිය මෙන්න

FM Heart · 1 min read

The Heart Academy
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සිය පුත්, පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව වාර්‍තා වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඔහුගේ ලේකම්වරයෙකු විසින් කෙටුම්පත් කරන ලද මෙම ලිපියේ අඩංගු සියලු තොරතුරු මෙතෙක් මාධ්‍ය වෙත හෙළිදරව් වී නොමැති අතර, එහිදී හිටපු ජනාධිපතිවරයා සිය පුත්‍රයාට අවධාරණය කර ඇත්තේ අධිකරණය කෙරෙහි පමණක් පූර්‍ණ විශ්වාසය තබන ලෙසයි. 2010 වසරේදී නාමල් රාජපක්ෂ මහතා සක්‍රිය දේශපාලනයට පිවිසෙන අවස්ථාවේදී තමන් ඊට අවසර දුන්නේ සිරගත වීමට සහ ඕනෑම දුක් ගැහැටකට මුහුණ දීමට සූදානම් නම් පමණක් බව සිහිපත් කර ඇති හිටපු ජනාධිපතිවරයා, තමන්ද දේශපාලන ගමන ආරම්භ කළ මුල් සමයේ පදනම් විරහිත චෝදනාවක් මත බන්ධනාගාරගත වීමට සිදු වූ බව එහි සටහන් කර ඇති බව ආරංචි මාර්‍ග පවසයි. අදාළ ලිපිය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්‍ලිමේන්තු වාරයට පැමිණි අවස්ථාවකදී ඔහු වෙත පෞද්ගලිකවම භාර දී ඇති බව වැඩිදුරටත් වාර්‍තා වේ.
99mobile