FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අනුරාධපුරේ රාමා කෝවිළක් හදනවා… රුවන්වැලිය සෑය වටේ වැටකුත් ගහනවා… එසේ නොකරන්නේ නම් ගැසට්ටුව නිවැරදි කරනු…!

FM Heart · 2 min read

The Heart Academy
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්‍ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවමින් සිටින්නේ යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි. ඒ, ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි විසින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බවට සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බවට සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි. “අමාත්‍යවරයා අර්‍ධ සත්‍යය මගින් විනාශකාරී සත්‍යය සඟවනවා. අධිආරක්ෂිත කලාපය තුළ පවතින්නේ බෞද්ධ සිද්ධස්ථාන පමණි. එම සිද්ධස්ථානවල වැඩිදියුණු කිරීම්වලට ඉඩ නොදෙන බව සත්‍යයකි. එම කලාපයේ හින්දු කෝවිල් නොමැත. එසේ වුවත් සංවේදී කලාපයේ පවතින බෞද්ධ, හින්දු හෝ මුස්ලිම් ආගමික ස්ථාන අවසර යටතේ වැඩිදියුණු කළ හැකි බව ගැසට් පත්‍රයේ සඳහන් වේ. ඊට අමතරව ගැසට් පත්‍රයේ අංක 1.2 අනුව පූජා භූමියට අතුළත් විය යුතු තවත් පූජනීය සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන වැඩිදියුණු කළ හැක. ඒ අනුව ජේතවනාරාමයට පිටතින් සහ අභය වැව අසල තිබෙන වසර 100කට වඩා පැරණි, එනම් පුරාවිද්‍යා වටිනාකම සහිත හින්දු කෝවිල් රාමා කෝවිල් ලෙස සංවර්‍ධනය කිරීමේ හැකියාව ඇත. ඒවා අටමස්ථානයට ඇතුළත් නොවන බව සත්‍යයකි. අමාත්‍යවරයා කියන්නේ අටමස්ථාන භූමියේ රාමා කෝවිල් ඉදිනොකරන බව පමණි. එසේම ගැසට් පත්‍රයේ අංක 5.1 මගින් රුවන්වැලි සෑය වටා වැටක් ඉදිකරන බව දක්වා ඇත. ඊට අමතරව ඉසුරුමුණි විහාරය සහ රන්මසු උයන වෙන්කරමින් වැටක් ඉදිකරන බවද දක්වා ඇත. එහි අවශ්‍යතාව සහ අරමුණ ගැසට් පත්‍රය මගින් පැහැදිලි නොකිරීම මගින් යටි අරමුණක් තිබෙන බවට චෝදනා කළ හැක. අමාත්‍යවරයා අර්‍ධ සත්‍යයක් මගින් සත්‍යය යටපත් කර මහා සංඝරත්නය රැවටීමට උත්සාහ කරන බව ඉතා පැහැදිලිය. ඔහු කියන නොකරන දේවල් සත්‍ය වශයෙන්ම නොකරන්නේ නම් වහාම ඊට අනුව ගැසට් පත්‍රය සංශෝධනය කළ යුතුය.”
99mobile