FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රජයේ ඉඩම් අක්කර තුන්දහසකට වැඩි ප්‍රමාණයක් ආයෝජකයන්ට..

FM Heart · 1 min read

The Heart Academy
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත. මෙම රාජ්‍ය වැවිලි ආයතන සතු ඵලදායී ලෙස භාවිතයට නොගත් ඉඩම් හා දේපළවලින් උපරිම ආර්‍ථික ඵලදායිතාවක් ලබාගැනීමේ අරමුණින්, සුදුසු ආයෝජකයන් වෙත ඒවා බදු දීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට මීට පෙර කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක කළ පළමු අදියර යටතේ ඉඩම් හෙක්ටයාර 1,514ක්, සංචාරක බංගලා සහ සුන්දර ස්ථාන 10ක්, දැනට අක්‍රිය මට්ටමේ පවතින කර්‍මාන්තශාලා 15ක් වෙත ආයෝජනය කිරීම සඳහා අවස්ථාව විවර කෙරුණු අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ආයෝජකයන් 470 දෙනෙකු සිය අභිලාෂයන් ඉදිරිපත් කර තිබුණි. අනතුරුව, එම ලැයිස්තුවෙන් කෙටි ලැයිස්තුගත කරගත් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ අතර, එහිදී ඉඩම් සහ දේපළ කොටස් 30කට අදාළව ආයෝජන යෝජනා 44ක් ලැබී ඇත. එම යෝජනා සියල්ල ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවක් මඟින් ගැඹුරු ඇගයීමකට ලක්කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ නිර්‍දේශයන්ට අනුව, සුදුසුකම් සපුරාලූ ආයෝජකයන් වෙත මෙම ඉඩම් සහ දේපළ 15 දිගුකාලීනව බදු දීමට තීරණය කර තිබේ.
99mobile