FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විදුලි වාහනවලට RMV දෙන කොළ පාට අංක තහඩු පොලිසියෙන් අල්ලයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම අංක තහඩු භාවිතය සම්බන්ධයෙන් වාහන හිමියන් අතර මතු වී තිබූ සැකසහිත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දෙපාර්‍තමේන්තුව මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සඳහන් කළේ, විදුලි වාහන සඳහා කොළ පැහැති අංක තහඩු නීත්‍යානුකූලව නිකුත් කරනු ලබන අතර ඒවා භාවිත කිරීමේදී වාහන හිමියන්ට කිසිදු නීතිමය ගැටලුවක් පැන නොනගින බවයි. ඉදිරියේදී සියලුම විදුලි වාහන සඳහා මෙම කොළ පැහැති අංක තහඩු නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය. කෙසේ වෙතත්, සෙසු වාහන කාණ්ඩ සඳහා දැනට පවතින ක්‍රමවේදය පරිදි සුදු සහ කහ පැහැති අංක තහඩු තවදුරටත් නිකුත් කෙරෙනු ඇත. කොළ පැහැති අංක තහඩු සහිත විදුලි වාහන මාර්‍ගස්ථ රථවාහන පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කිරීම සහ ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම් වාර්‍තා වීම හේතුවෙන් දෙපාර්‍තමේන්තුව මෙම නිල නිවේදනය නිකුත් කර තිබේ.

Google AdSense

In-Article Ad