
Stf වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරේ
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය වන stf.lk අද (27) දින නිල වශයෙන් අන්තර්ජාලයට දියත් කෙරුණා. විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේදී පැවැති මෙම උත්සවය සඳහා විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතා ප්‍රධානත්වය පැවැත්වුණා. විශේෂ කාර්ය බලකායේ විශේෂිත ඒකක, කඳවුරු පිහිටීම, නිල නිවේදන සහ ටෙන්ඩර් කැඳවීම් වැනි තොරතුරු මහජනතාව වෙත කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව ලබාදීම මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වනවා. එමෙන්ම මෙම වෙබ් අඩවිය නිර්මාණය කළ නිලධාරීන් වෙනුවෙන් ඇගයීම් පිරිනැමීම ද මෙහිදී සිදුකෙරුණා. .
Google AdSense
In-Article Ad

