
අත්‍යවශ්‍ය ඖෂධ 133ක හිඟයි...
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
වෛද්‍ය සැපැයුම් අංශයේ නවතම දත්ත අනුව මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 133ක හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න අනාවරණය කළේය. අත්‍යවශ්‍ය ඖෂධ වර්‍ග 618ක් ඇති බවත්, ඉන් 133ක් එනම් සියයට 21.5ක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බවත්, කොළඹ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත සේනාරත්න පැවැසීය. ඔහු පෙන්වා දුන්නේ මෙම දත්ත අනුව අත්‍යවශ්‍ය සෑම ඖෂධ පහකටම එක් ඖෂධයක් වර්‍තමානයේ රට තුළ නොමැති බවයි. එම දත්තවලට අනුව ජීවිතාරක්ෂක ඖෂධ 13න් එකක්, ශල්‍යකර්‍මවලදී අවශ්‍ය වන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 3200න් 2132ක් මෙන්ම ශල්‍යකර්‍ම උපකරණ 4100න් 3625ක හිඟයක් මේ වන විට පවතින බවද ඔහු පෙන්වා දුන්නේය. කවුරු කුමන කතා කිව්වද, “තුවාල සඳහා බෙහෙත් දැමීමට එන රෝගීන් ඊට අවශ්‍ය බැන්ඩේජ් හා ප්ලාස්ටර් රැගෙන එන්න.” යනුවෙන් සහ ශල්‍යකර්‍මවලදී අත්‍යවශ්‍ය වන ද්‍රව්‍යවල හිඟ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ දැන්වීම් පවා ප්‍රදර්‍ශනය කර තිබෙන බවද රාජිත සේනාරත්න අවධාරණය කළේය. ඊට අමතරව රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ වෙබ් අඩවියේ සඳහන් කර තිබුණු ආකාරයට රෝහලේ ඖෂධ 42ක සහ ශල්‍ය උපකරණ 61ක හිඟයක් පවතින බවත්, මේ වන විට අදාළ වෙබ් අඩවිය අවහිර කර ඇති බවත් ඔහු කීය. වර්‍තමානයේ පවතින ප්‍රතිපත්තිය තුළ හොඳ වර්‍ගයේ සියලු ඖෂධ වෙළෙඳපළෙන් ඉවත්වෙමින් පවතින බවත්, ඉතිහාසයේ කවරදාවත් නොදුටු අන්දමට රජයේ රෝහල්වල පමණක් නොව පෞද්ගලික අංශයේ රෝහල්වල පවා දැවැන්ත ඖෂධ හිඟයක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. එබැවින් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කළේය. ගයාත්‍රි ගීගනආරච්චි Sri Lanka Faces Critical Shortage of Essential Medicines, Reveals Former Health Minister The country is currently grappling with a significant shortage of essential medications, with former Health Minister Rajitha Senaratne disclosing that 133 out of 618 essential drugs are unavailable. This alarming statistic reveals a shortage rate of 21.5% during a press conference held in Colombo. Senaratne emphasized the gravity of the situation, indicating that for every five essential medicines needed, one is currently missing in the country. The data presented showed that among life-saving drugs, one is in short supply, while 2,132 out of 3,200 necessary surgical materials are absent. Additionally, the availability of surgical instruments has dropped sharply, with 3,625 out of 4,100 currently unaccounted for. He pointed out that there are even notices displayed at Colombo’s National Hospital, instructing patients to bring their own bandages and plasters for treatment, highlighting the increasing challenges faced by the healthcare system. The shortage is so dire that even announcements regarding the needed surgical supplies are now a standard occurrence. Moreover, according to the hospital’s website for the Righway Arya Children's Hospital, there is a shortage of 42 medications and 61 surgical devices. Notably, this website has also been inaccessible in recent times, further complicating the information flow regarding available resources. Senaratne noted that under the current policies, many high-quality medications are being withdrawn from the market. He expressed concern over an unprecedented scarcity affecting not only government hospitals but also the private healthcare sector. In light of this critical situation, he called on the government to take immediate and focused action to address the pressing shortages in the healthcare system. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

