
රාජපක්ෂ පවුල හිරේ දාන්න ප්‍රභාකරන්ටවත් බැරිවුණා… ඩයස්පෝරාව ඩොලර්‍වලට මාලිමාණ්ඩුව ඒකත් කළා…! – අර්‍චුනා රාමනාදන්…
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ප්‍රභාකරන්ටවත් හිරේ දැමීමට නොහැකි වූ මහින්ද රාජපක්ෂගේ බිරිඳ සහ පුතා හිරේ දමා වර්‍තමාන ආණ්ඩුව දෙමළ ජනතාව සහ ඩයස්පෝරාව සතුටු කිරීම ගැන තමන් සතුටු වන බව පාර්‍ලිමේන්තු මන්ත්‍රී අර්‍චුනා රාමනාදන් පවසයි. ඩයස්පෝරාවෙන් ගත් මුදලට ආණ්ඩුව සාධාරණය ඉටු කරන බවත් ඉතිරිව ඇති ගෝඨාභය රාජපක්ෂද සිරගත කර ඔවුන් සතුටු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි. උතුරු පළාතේ සිදු වූ වංචා දූෂණ පිළිබඳ විගණන වාර්‍තා පහක් තමන් සභාගත කළද ඒ කිසිවක් ගැන මෙතෙක් විමර්‍ශනයක් සිදුව නැතැයිද උතුරට වැඩියෙන්ම මත්පැන්හල් බලපත්‍ර ලබා දී ඇත්තේ වර්‍තමාන ආණ්ඩුව බවද අර්‍චුනා රාමනාදන් ප්‍රකාශ කරයි. අද (08) පාර්‍ලිමේන්තුව අමතමින් අර්‍චුනා රාමනාදන් මේ බව කීය. -emanisa
Google AdSense
In-Article Ad

