FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වසර පහකට පසු සුපිරි ක්‍රීඩක දික්වැල්ල යලි 20-20 කණ්ඩායමට කැදවයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දික්වැල්ලට අමතරව, වසර තුනක කාලයකට පසුව අෂේන් බණ්ඩාරද යළි කණ්ඩායමට එක්ව ඇත. නම් කරන ලද මෙම කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ වෙත පවරා ඇති අතර සොහාන් ද ලිවේරා, සිනෙත් ජයවර්‍ධන, වනුජ සහන් සහ ගරුක සංකේත් යන නවක ක්‍රීඩකයින් සිව්දෙනා පළමු වරට ජාතික විස්සයි20 සංචිතය සඳහා කැඳවීම් ලබා තිබීම කැපී පෙනේ. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සෘජුවම අර්‍ධ අවසන් පූර්‍ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් තරග වදින පළමු තරගය සැප්තැම්බර් මස 29 වනදා නිසින් හිදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා විස්සයි20 සංචිතය: සහන් ආරච්චිගේ (නායක), සොහාන් ද ලිවේරා, වනුජ සහන්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), අෂේන් බණ්ඩාර, දුෂාන් හේමන්ත, ලසිත් කෲස්පුල්ලේ, චාමික කරුණාරත්න, නුවන් තුෂාර, සිනෙත් ජයවර්‍ධන, තරිඳු රත්නායක, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, ගරුක සංකේත්.

Google AdSense

In-Article Ad