FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් අද පාර්‍ලිමේන්තුවට කියයිද?

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

පාර්‍ලිම්න්තුව අද පෙරවරු 9.30ට යළි රැස් වනවා. ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි. අනතුරුව පස්වරු 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රඩේසෝ සංවර්‍ධන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමටයි නියමිතව ඇත්තේ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව ඇත්තේද මෙම පාර්‍ලිමේන්තු සතියේදීයි. එළඹෙන 24 සහ 25 යන දින දෙක ඒ සදහා වෙන් කර තිබෙනවා. ඒ අනුව එම දින දෙකට පෙර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්‍ලිමේන්තුවට දැනුම් දිය යුතුයි. ඒ අනුව එම තීරණය කතානායකවරයා විසින් අද දිනයේ පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවටයි බොහෝ දෙනා අපේක්ෂාවෙන් පසුවන්නේ. මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මෙම සතියේ විවාදයට ගැනීමට නියමිතව තිබීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්‍ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළ. “එන්.පී.පී. (NPP) / ජේ.වී.පී. (JVP) ආණ්ඩුව, මම හිතන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ විනාශය ආරම්භ කරන්නේ මෙතැනින් . මේ රටේ සියලු දෙනාම මේකට විරුද්ධ වෙලා ඉන්නේ . නීතිඥ සංගමය විරුද්ධයි , වෛද්‍ය සංගමය විරුද්ධයි , විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ බහුතරය විරුද්ධයි . ඒ වගේම මේ රටේ සියලුම දේශපාලන පක්ෂ මේකට විරුද්ධ වෙලා ඉන්නේ . ඉතින් අපි පාර්‍ලිමේන්තුවේදීත්, ඊට පිටතදීත් මේකට එරෙහිව, මේකට විරුද්ධව තියෙන සියලු කටයුතු අපි කරනවා . අපිට ඕනේ මේ රටේ අවුරුදු ගාණක් තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරක්ෂා කරන්න . අපිට ඕනේ අධිකරණය සම්බන්ධයෙන් තිබ්බ විශ්වාසය , මේ රටේ ඕනෑම පුද්ගලයෙකුට, ඕනෑම ප්‍රශ්නයකදී සාධාරණත්වය ගැන මතක් වෙන්නේ අධිකරණය . නමුත් ඒකත් අද විනාශ කරන්නයි හදන්නේ . තමන්ට ඕන අය ඒ තනතුරුවලට පත් කරලා, ආණ්ඩුවට ඕන විදිහට අධිකරණයත් මෙහෙයවන්න තමයි මෙතන කටයුතු කරන්නේ . අපි ප්‍රධාන විපක්ෂය විදිහට හැම ආකාරයකින්ම මේකට විරුද්ධව කටයුතු කරනවා .” .

Google AdSense

In-Article Ad