
නියඟයෙන් සුළු වැව් 7,000ක් සිඳී යයි...
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
දිවයින පුරා පවතින දැඩි නියඟය හේතුවෙන් කුඩා වැව් 7,000 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර , මේ හේතුවෙන් ගොවි පවුල් එක්ලක්ෂ පනස්දහසකගේ වගා බිම් විනාශ වීමේ බරපතළ අවදානමක් මතුව තිබේ . සමස්ත ලංකා ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා පවසන පරිදි , හෙක්ටයාර ලක්ෂ දෙකකට පමණ ජලය සපයන කුඩා වැව් 14,000 ක් අතුරින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට වියළී ගොස් ඇත . යල කන්නයේ වගා කළ වී සහ අතිරේක බෝග අක්කර 50,000 කට අධික ප්‍රමාණයක් දැනටමත් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර , තවත් අක්කර 75,000 කට අධික ප්‍රමාණයක් ජල හිඟය හේතුවෙන් විනාශ වීමේ තර්ජනයට ලක්ව තිබේ . මෙම තත්ත්වය හේතුවෙන් ගොවි පවුල් එක්ලක්ෂ පනස්දහසක් පමණ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත් , ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය මෙතෙක් නිසි අවධානයක් යොමු කර නොමැති බවත් ගමගේ මහතා චෝදනා කරයි . මෙරට සමස්ත සහල් සහ අතිරේක ආහාර නිෂ්පාදනයෙන් 18% - 20% ක් පමණ සැපයෙන්නේ මෙම සුළු වැව් පද්ධතිය හරහා බැවින් , වගා විනාශය ජාතික ආහාර සුරක්ෂිතතාවයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ඔහු පෙන්වා දෙයි . විශේෂයෙන්ම උතුරු මැද , මධ්‍යම , ඌව , වයඹ සහ නැගෙනහිර පළාත්වල වැව් පද්ධතියට මෙම නියඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබේ . සමස්ත සුළු වාරි පද්ධතියෙන් දැනට ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේ 21% ක් වැනි සුළු ප්‍රමාණයක් වන අතර , වැව් 4,800 ක් පමණ නිසි නඩත්තුවක් නොමැති වීමෙන් අක්‍රිය වී ඇති බව ද වාර්තා වේ . Severe Drought Devastates Small Water Reservoirs, Threatening Food Security for Farmers The prolonged drought affecting the entire nation has led to the drying up of over 7,000 small water reservoirs, raising serious concerns for agriculture. This alarming situation poses a significant risk of crop devastation, particularly impacting approximately 150,000 farming families. Sunil Gamage, the chairman of the All Sri Lanka United Farmers' Organization, highlighted that approximately 14,000 small reservoirs, which provide water for around 200,000 hectares of agriculture, are currently facing severe water shortages, with more than a hundred of them completely dried up. In regions where rice and other crops are harvested, around 50,000 acres have already experienced total crop loss due to the ongoing drought. Furthermore, an additional 75,000 acres are under threat of destruction as a result of the water scarcity. The deteriorating conditions have plunged roughly 150,000 farming families into a serious economic crisis. Gamage emphasized the government's lack of proper attention to strengthen their economic situation during these challenging times. Currently, the small reservoir system accounts for 18% to 20% of the nation’s total rice and food production, making the destruction of these crops a grave threat to national food security. The impact of the drought has been particularly pronounced in the northern, central, and eastern provinces, where the reservoir systems are facing the greatest challenges. At present, only 21% of the small irrigation system is functioning properly, with reports indicating that around 4,800 reservoirs are out of service due to inadequate maintenance. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

