BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කිසිසේත්ම ජනමත විචාරණයකට යන්නෑ...- ඇමති

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් නොව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ද ජාතික ජන බලවේගය රජයට ජනවරමක් තිබෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. තවද, කිසිසේත්ම ජනමත විචාරණයකට යාමට හෝ රජයේ ධුර කාලය නීති විරෝධී ලෙස දීර්ඝ කර ගැනීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත්, සියලු මැතිවරණ නියමිත කාලයට පවත්වන බවත් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම, 2026 අයවැය ප්‍රතිපාදන යටතේ “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 25,000ක මුදලින් මේ වන විට සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක වන බවත්, රජයේ මූල්‍ය ප්‍රතිපාදන කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යොදවමින් ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම, පසුගිය කාලසීමාව තුළ රජය කලාපීය මෙන්ම අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර ආයතන සමඟ සමීප සබඳතා පවත්වමින් ඉහළ විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟ සමීපව කටයුතු කිරීම තුළින් රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හැකියාව ලැබුණු බවත් අමාත්‍ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේය. Government Committed to Preserve Presidential System, Minister Asserts Dr. Upali Pannila, the Minister of Rural Development, Social Security and Community Empowerment, emphasized the national people's movement's strong stance against proposals solely aimed at constitutional amendments, stating that there is a clear mandate to abolish the executive presidency. His remarks surfaced during a media briefing held at the ministry premises this morning (12). Responding to questions from journalists, he underscored that there is no necessity for the government to seek a public referendum or to extend its term unlawfully, assuring that all scheduled elections will be conducted as planned. Furthermore, he revealed that under the 2026 budget allocations, a budget of Rs. 25 billion has been set aside for the “Community Strength” initiative aimed at alleviating poverty. Currently, at least one development project or activity is underway in every Grama Niladhari division, with the government actively working to utilize financial resources efficiently and effectively to combat poverty. Moreover, the Minister highlighted that the government has successfully forged closer relationships with regional and international partners over the recent months, cultivating a higher level of trust. He articulated that collaboration with the International Monetary Fund and active engagements with the World Bank and the Asian Development Bank have created opportunities to steer the country away from the brink of bankruptcy. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad