
අයහපත් කාලගුණයෙන් පිලිපීනයේ පුද්ගලයින් 380,000ක් පීඩාවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෝසම් වැසි සහ නිවර්තන සුළි සුළංවල බලපෑම හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයින් 380,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට කලාප 08ක පවුල් 110,000කට අයත් පුද්ගලයින් 382,000ක පීඩාවට පත්ව සිටින බවය. එමෙන්ම අයහපත් කාලගුණයේ බලපෑම්වලින් සිදුවු ආපදාවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 06දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 07දෙනෙකු තුවාල ලබා ඇත. එමෙන්ම මෙම ආපදා හේතුවෙන් නිවාස 148කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව ද සදහන්.
Google AdSense
In-Article Ad

