FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හිරෙන් පැන්න පාතාල සාමාජිකයන් ඇතුළු 709ක් නිදැල්ලේ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පසුගිය වසර පහක කාලය තුළ දඬුවම් කාලය අවසන් වීමට පෙර නීතිවිරෝධී ලෙස බන්ධනාගාරවලින් පැනගිය හෝ මිදීගිය රැඳවියන් සහ සැකකරුවන් සංඛ්‍යාව 1,181කි. මින් පිරිසක් මේ වන විට විදේශගතව සිටින බවට ද සැක කෙරේ. එමෙන්ම, බන්ධනාගාර තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව ද විගණන වාර්‍තාව මගින් කරුණු රැසක් හෙළි කර ඇත. පසුගිය වසරේදී පමණක් බන්ධනාගාර ආයතන 22කින් ජංගම දුරකථන 5,083ක් සොයාගෙන ඇති අතර, ඉන් බහුතරයක් පාතාල සාමාජිකයන් සන්තකයේ තිබී හමු වූ ඒවාය. මීට අමතරව දුරකථන චාජර් 970ක්, සිම් කාඩ්පත් 4,149ක් සහ වෙනත් උපාංග 3,111ක් ද බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ. මෙම උපකරණ බන්ධනාගාර තුළට රහසිගතව රැගෙන ඒම වැළැක්වීමට විධිමත් පියවර නොගැනීම හේතුවෙන්, රැඳවියන් බන්ධනාගාර තුළ සිටම විවිධ නීතිවිරෝධී ක්‍රියා සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. මෙම තත්ත්වය මහජන ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කරන බව ද බන්ධනාගාර දෙපාර්‍තමේන්තුවේ 2025 වාර්‍ෂික වාර්‍තාවට ඇතුළත් කර ඇති මෙම විගණන වාර්‍තාව මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Google AdSense

In-Article Ad