FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අයහපත් කාලගුණයෙන් ජපානයේ මියගිය ගණන තවදුරටත් ඉහළට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

නැගෙනහිර ජපානයට බලපා ඇති අධික වර්‍ෂාපතනය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් එරට චිබා ප්‍රාන්තයට පෙර නොවූ විරූ වර්‍ෂාපතනයක් ඇද හැලී ඇති අතර පැය 24ක කාලයක් තුළ එම ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලින් මිලිමීටර් 367ක වර්‍ෂාපතනයක් වාර්‍තා වී තිබූ බව සඳහන්. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී පැය 24ක කාලයක් තුළ වාර්‍තා වූ මිලිමීටර් 309ක වර්‍ෂාපතනය මීට පෙර එම ප්‍රාන්තයට ඉතිහාසයේ වැඩිම වර්‍ෂාපතනය ලැබුණු අවස්ථාව ලෙස වාර්‍තා වී ඇත. අධික වර්‍ෂාවත් සමඟ ප්‍රදේශ රැසක මහාමාර්‍ග හා දුම්‍රිය මාර්‍ග රැසක් ජලයෙන් යටවී ඇති අතර මේ හේතුවෙන් ටෝකියෝහි නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටි මගීන් 7,000ක් පමණ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නොහැකිව රාත්‍රී කාලය පුරා එහි රැදී සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්‍තා කර සිටී. මේ අතර අධික වර්‍ෂාවත් සමඟ ඇතිවිය හැකි ගංවතුර අවදානම සැලකිල්ලට ගනිමින් උතුරු පිලිපීනයේ රජයේ කාර්‍යාල හා පාසල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

Google AdSense

In-Article Ad